2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

HIT TIPS

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

සුවිශේෂී සයිකල් සවාරිය

Women In Need සංවිධානයට ආධාර පිණිස සංවිධානය වෙන සුවිශේෂී බයිසිකල් සවාරියක් පෙබරවාරි 25 වැනිදා ආරම්භ වෙනවා. කොළඹ සිට අනුරාධපුරය හරහා මඩකලපුවට යන මේ සවාරිය හරහා උපයන ආදායම අපේ රටේ කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ සුබසාධනය වෙනුවෙන් භාවිත කෙරෙනවා. සවාරියට එකතු වීමට කැමැති අයට GEAR UP for WIN ෆේස්බුක් පිටුව හරහා ඊට එක්විය හැකියි. 

කොළඹ විලාසිතා අත්දැකීම

කොළඹ නගරයට උසස් තත්ත්වයේ විලාසිතා අත්දැකීමක් ගෙනෙන HiLife Colombo ප්‍රදර්ශනය පෙබරවාරි 26, 27 සහ 28 තෙදින පුරා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වෙනවා. ඉන්දියාව තුළ ඇති උසස්ම තත්ත්වයේ ඇඳුම් ආයිත්තම් ආභරණ ඇතුළු බොහෝමයක් දේවල් එහිදී මිලදී ගත හැකියි.