Open Brain CMB කියන්නේ තරමක වෙනස්, හැබැයි වටිනා අත්දැකීමක් ගෙනෙන වැඩසටහනක්. මේ වැඩසටහන සංවිධානය වෙන්නේ සාමාන්‍ය සිතුවිලි ධාරාවෙන් ඔබ්බට ගොස් අලුත් විදිහකට හිතන්න, නිර්මාණ වෙනස් අයුරින් රස විඳින්න ඔබේ මනස හැඩගස්වමිනුයි.
KIKU අවන්හලේදී පෙබරවාරි 27 වැනිදා පැවැත්වෙන මේ වැඩසටහනට එක්වෙලා, ඔබ කරපු නිර්මාණයක් එළිදක්වන්න වගේම, හිතේ හිරවෙලා තියෙන ව්‍යාපාර අදහසක් ගැන කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න, සංගීත නිර්මාණයක් කරන්න, වෙනත් කලා කටයුත්තක නිරත වෙන්න මෙතැනදී පුළුවන්. කොටින්ම කිව්වොත් ඔබේ හිතේ වධ දෙන සිතුවිලි නිර්මාණාත්මකව එළියට දාන්න තෝතැන්නක් එතැනදී නිර්මාණය වෙනවා.
හැබැයි මේ අවස්ථාවට සහභාගි වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. කිසිම දෙයක් අනිත් අය එක්ක හුවමාරු නොකරගෙන වුණත් අනිත් අයගෙන් ලබාගන්න පුළුවන්. දැනුම, අත්දැකීම් අරගන්න කිසිම බාධාවක් නැහැ.