ආරම්භයේ පටන්ම Off the Hook Seafood Restaurant කියන්නේ ඉස්තරම්ම මුහුදු ආහාර ප්‍රභේද රැසක් අප හමුවට ගෙනාපු අවන්හලක්. මේ වෙද්දී සතියේ සෑම බදාදාවකම වඩේ, ඉඳිආප්ප, රොටි සහ කොත්තු ඇතුළු ලංකාවේ කෑම සඳහාම වෙන්වුණු ආහාර වැඩසටහනක් මෙතැන ක්‍රියාත්මකයි.
මෙතැනදී තෝරාගන්න බීම ජාති කොතෙකුත් තිබුණත් අපේ තෝරාගැනීම වුණේ ලංකාවේ කෑමවේලක් සඳහා හොඳට ගැලපෙන බීමක්. ඒ තමයි යාර කිරි තේක.
ඊට පස්සේ අපි රස බැලුවේ කර කර ගාලා රසට හැපෙන පරිප්පු වඩේ. එයාලා පරිප්පු වඩේ ඉදිරිපත් කරන්නේ ස්ටාර්ටර් එකක් විදිහටයි. ඒ එක්ක රස සම්බෝලයකුත් ලැබෙනවා.
මෙතැන තියෙන විවිධ ආහාර තේරීම් අතරින් රෝස්ට් චිකන් කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තේරීමක්. කටට කෙළ උනන චිකන් හොද්දක් සමඟ මේ රෝස්ට් චිකන් දීසියට කට දන ලූනු සම්බෝලයකුත් ඇතුළත්.
Grilled Mullet කියන්නෙත් රස බැලිය යුතුම දීසියක්. කෙසෙල් කොළයක ඔතලා ග්‍රිල් කරලා තියෙන මේ මාළු දීසිය ගෝදම්බ රොටි එක්ක කෑමට නියමයි.
මේ අතර චිකන් සහ චීස් ඇතුළට පුරවලා හදලා තියෙන විශේෂ ගෝදම්බ රොටි ජාතියකුත් මෙතැන තිබුණා. කොත්තු රසිකයන්ට සී ෆුඩ් කොත්තුවක් එක්ක රතු ඉස්සන් කරියක් කියන්නේ තරුපහේ රාත්‍රී ආහාරයක් බවට සැක නැහැ.
මේවාට අමතරව ඉඳිආප්ප, පොල්රොටි, පිට්ටු ආදියත් අතුරුපසට කිරි සහ හකුරු ආප්පත් මෙතැනදී රස විඳින්න පුළුවන්.
නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත