රත්නපුර දිස්ත්‍රික්කයට අයත් උඩවලව සහ ඒ අවට ප්‍රදේශ සැලකෙන්නේ අපේ රටේ වනජීවී සංචාරණයට ඉතාම සුදුසු කලාපයක් විදිහටයි. 1972 අවුරුද්දේ ආරම්භ කෙරුණු උඩවල රත්නපුරයට පමණක් නොවේ, මුළු සබරගමුවටම ආඩම්බරයක් කිව්වොත් නිවැරදියි. බූන්දල, මින්නේරිය සහ යාල හැරුණු විට උඩවලව අභයභූමියත් එහි ඇත් අතුරුසෙවණත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනක්.
කොහොම නමුත් කාලයක් තිස්සේ මේ ප්‍රදේශයට තිබුණු ගැටලුවක් වූ තරු පන්තියේ හෝටල් අත්දැකීමක අඩුව පුරවාලමින් Centauria Wild Resort විවෘත කෙරුණේ 2017 වසරේදීයි. උඩවලව උද්‍යාන ප්‍රවේශයේ සිට මිනිත්තු පහක දුරින් පිහිටා තිබෙන මේ හෝටලය වනජීවී සුන්දරත්වයට සුඛෝපභෝගීත්වය කැටි කරමින් වෙනස්ම අත්දැකීමක් සංචාරකයන්ට සමීප කරවනවා. මෙහි සුපීරියර් ඩිලක්ස් කාමර 48ක්, ප්‍රසිඩන්ෂල් ස්යූට් තුනක් හා එක් ෆැමිලි ස්යූට් එකක් වශයෙන් මුළු කාමර 52ක් අඩංගුයි. ඒ සෑම ස්යූට් කාමරයකම නාන කාමරයක්, විසිත්ත කාමරයක් වගේම අනෙකුත් සියලු නවීන පහසුකම් අන්තර්ගතයි. සෙසු කාමර 48 තුළත් LED රූපවාහිනී, අන්තර්ජාතික දුරකතන පහසුකම්, මිනි බාර්, උණු සහ සීතල ජලය, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, වයි ෆයි, සේප්පු, පෞද්ගලික ටෙරසයක් ඇතුළු පහසුකම් රැසක් දකින්න ලැබෙනවා.
මේ හෝටලයේ වඩාත් කැපීපෙනෙන විශේෂාංගය තමයි සිව්වැනි මහලේ ඇති රූෆ් ටොප් පර්යන්තය. එතැන ඉඳන් අංශක තුන්සිය හැටක කෝණයකින් හාත්පස සුන්දරත්වය විඳගන්න පුළුවන්. උතුරට උඩවලව වනෝද්‍යානයත්, නැගෙනහිර සිට බටහිර දක්වාම ඉමක් නොපෙනෙන වෙල් යායකුත්, උක් වතු සහ හේන් දකින්න ලැබෙනවා.
නවාතැන්වලට අමතරව යාල සහ නැගෙනහිර බලා යන සංචාරකයන්ට දිවා ආහාරය ලබාගැනීමේ සහ මඳ විවේකයක් ලබාගැනීමේ ස්ථානයක් ලෙසත් මේ හෝටලය ක්‍රියා කරනවා. කාර්ය මණ්ඩලය පවසන ආකාරයට දිනකට සංචාරකයන් 150ක් පමණ එසේ දිවා ආහාරය සඳහා පමණක් එහි පැමිණෙනවා. හෝටලයේ ඇති ප්‍රධාන අවන්හල තුළ එකවර 200කට ආහාර ලබාගත හැකියි. ඊට අමතරව එළිෆන්ට් වීව් රෙස්ටුරන්ට්, පූල් බාර් සහ ලෝන්ජ් බාර් නමිනුත් අවන්හල් තුනක් තිබෙනවා. එම අවන්හල්වලදී බුෆේ වගේම සීෆුඩ්, බාබකිව් වගේ ආහාර තේරීම් රැසකට අවස්ථාව පවතිනවා. ඒ කවර ආහාරයක් වුණත් දේශීය වගේම ආනයනය කරන ලද ඉස්තරම් අමුද්‍රව්‍යවලින් සකසන ආහාරයි.
එකදු ගසක් හෝ නොකපා පිහිටි භූමියේම ඉදිකරන ලද මේ හෝටලය අප ජලය සහ කසළ ප්‍රතිචක්‍රීකරණය හරහාත් තමන්ගේ පරිසර හිතකාමීත්වය හොඳින් පෙන්නුම් කරනවා.
මේ අතර අතිනවීන ව්‍යාපාර මධ්‍යස්ථානයක්, අංගසම්පූර්ණ ව්‍යායාම් මධ්‍යස්ථානයක්, විශේෂිත ආරේ පිහිනුම් තටාකයක්, බාලි දිවයිනේ සිට පැමිණි තෙරපිවරියන්ගෙන් යුත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මෙහි සෙසු පහසුකම් අතර කැපී පෙනෙනවා.
සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ