මේ වනවිට සෙනසුරු බ්‍රහස්පතිට අයත් ධනු රාශියෙහි ගමන් කරන නමුත් මෙම මාර්තු 7 වැනි ගුරු දින රාහු මිථුන රාශියට පිවිසීමක් සිදුවේ. ඒ සමඟම කේතු බ්‍රහස්පතිට අයත් ධනු රාශියට පිවිස සෙනසුරු සමඟ යෝගව ගමන් කරනු ඇත. එලෙස සෙනසුරැ කේතු සමඟ යෝගව 2020 ජනවාරි 24 වැනි දින දක්වාම ධනු රාශියෙහි ගමන් කරයි. මෙලෙස කේතු ධනු රාශියෙහි 2019 සැප්තැම්බර් 23 දක්වාම ගමන් කරනු ඇත.
මේ ගමන අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී එතරම් යහපත් කාල වකවානුවක් ඇති නොවන බව පෙනී යයි. මහජනයා යම් යම් හේතු මත කලකිරුණු ස්වභාවයකින් කටයුතු කිරීමත්, කර්මාන්ත ව්‍යාපාර බිඳවැටීමට ලක්වීමත්, රට තුළ වැඩවර්ජන උද්ඝෝෂණ ඇතිවීමත්, සිසු අරගල උද්ගත වීමත්, සිදුවන කාලයක් වෙයි. ගොඩනැගිලි, රථවාහන, ව්‍යාපාරික ස්ථාන හදිසි ගිනිගැනීම්වලට ලක්වීමත්, ආයුධවලින් ඇතැම් පුද්ගලයන් මරාදැමීම්ද, වර්ධනය වන්නා වූත් කාලයක් වේ. ආරක්ෂක අංශ මේ ගැන දැඩි අවධානයකින් කටයුතු කළ යුතු වකවානුවකි. නීති විරෝධී කටයුතු මැඩලීමට ආරක්ෂක අංශ වෙත යම් යම් නවීන උපකරණ රජය විසින් සපයනු ලබන කාලයක්ද වන අතර, රටේ ආර්ථිකය බිඳවැටෙන සමයක්ද වේ. විශේෂයෙන් ස්ත්රීන්ට අයහපත් වන අතර, විවිධ ආකාරයේ අපරාධ, ඝාතනය කිරීම්ද වාර්තා වේ. නිළියන් පිළිබඳ බලාපොරොත්තු නොවූ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම්ද, පහරදීම් ආදියද සිදුවන අතර, ඒ හේතුවෙන් ඔවුන් මරණයට පත්වීම්ද ඇතිවනු ඇත. මහජන නියෝජිතයන්ට, මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නායකයන්ටද, ඉතා අශුභ වන කාලයකි. ඇතැම් අවස්ථාවල මාරකද ඇතිවිය හැකි බැවින් මෙම කාලය පරිස්සම් වීමද වැදගත් වේ.
මේෂ - ආගමික කටයුතු
ඔබට යහපත් ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ජය ලැබේ. විදේශ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමටද අවකාශ අත්වන අතර, තමාට එරෙහිව පැවති සතුරැ උපද්‍රව දුරැකරගත හැකි කාලසීමාවක්ද වේ. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය ගත කරනු ඇත.
වෘෂභ - උදර රෝග
ඔබට යහපත් නොවේ. සේවා ස්ථානය ආශ්රිත ප්‍රශ්න පැන නගින වකවානුවක් වේ. භූමියේ භූත දෝෂ ඇතිවන අතර පවුල් දිවියේද සමගියට බාධා එල්ල වේ. විවිධ පාර්ශවවලින් තම කටයුතුවලට අවහිරතා ඇතිවේ. උදරය ආශ්රිත පීඩාවක් මතුවනු ඇත.
මිථුන - හවුලට හොඳයි
විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වීම හේතුවෙන් ප්රතිපක්ෂය සමඟ ලිංගික බැඳීම් වර්ධනය වේ. දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි කාලයකි. හවුල් කටයුතුවලින්ද ඵල ලබනු ඇත. තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක් බැවින් කල්පනාකාරී වන්න.
කටක - නීතිමය ගැටලු
ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවන කාලයක් වේ. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත් වනු ඇත. විදේශගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර, ආමාශගත රෝගාබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවන කාලයකි.
සිංහ - දේශපාලනයට යහපත්
විශේෂයෙන් දේශපාලන කටයුතුවල යෙදී සිටින අයට තම අපේක්ෂා ඉටුකරගත හැකි වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයගේ උදාසීන ගති පහව යනු ඇත. හදිසි ලැබීම්ද ඇතිවන අතර, හිතමිතුරන්ගෙන් උදව් උපකාර මෙන්ම විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවන කාලයකි.
කන්‍යා - විදේශ ගමන්
සේවා ස්ථානය ආශ්රිත යම්කිසි ප්‍රශ්නයක් මතුවිය හැකි අතර, සේවා ස්ථානයෙන් හෝ යෙදෙන්නා වූ දුර ගමනකට හෝ විදේශ ගමනකට සහභාගි වීමට අවකාශ අත්වනු ඇත. නව භූමියක් මිලදී ගැනීමට හෝ පවතින නිවසේ අලුත්වැඩියා සිදුවන්නා වූත් කාලයක් වේ.
තුලා - බාධා දුරු වේ
ඔබට යහපත් ඵල අත්වන අතර, පැවතියා වූ බාධා දුරැවී යන කාලයක් වේ. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයකි. ඔබ කරන කටයුතු සාර්ථක වී හදිසි ධනලාභද මතුවන අතර, අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කළ හැකි වකවානුවක්ද වනු ඇත.
වෘශ්චික - පවුලේ සමගිය
තම තැන්පත් ධනය වර්ධනය කරගත හැකිවන කාලයක් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකිය යුතු වේ.
ධනු - විවිධ බාධා
ඔබට යහපත් ඵල අත්නොවන අතර, කටයුතුවලට බාධා ගෙන දේ. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතුය. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන අතර, පවුල් දිවියේ සමගියට බාධා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
මකර - නව රකියා ලාභ
යහපත් ඵල අත්වනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරැ උපද්‍රව දුරැකරගත හැකි කාල වකවානුවක් වනු ඇත. දුර ගමන් යෙදෙන අතර ආගමික කටයුතු වෙනුවෙන්ද කාලය යොදවනු ලබන වකවානුවක් වේ. රැකියාවේ දියුණුවක්ද, නව රැකියා ලබාගැනීමටත් යහපත් වකවානුවක් වේ.
කුම්භ - ලාභ වැඩි වේ
පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර, හිතමිතුරන්ගෙන් උදව් උපකාරද හිමිවන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට තරමක් අයහපත් වනු ඇත. කෙටි ගමන් යෙදෙන අතර, හදිසි ලැබීම්ද, ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ ඉහළ නැගීමද ඇතිවේ.
මීන - සතුරු උපද්‍රව
ඔබගේ භූමිය ආශ්රිත ප්‍රශ්න මතුවන වකවානුවක් වන අතර, සේවා ස්ථානය පිළිබඳව පැවති ගැටලු මඟහැරගත හැකිවන්නා වූත් කාලයක්ද වේ. පවුල් දිවියේ සමගියට බාධා මතුවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. රහසිගත සතුරු උපද්‍රව ඇතිවන කාලයක් වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල