2019 මාර්තු 09 වන සෙනසුරාදා

තුර්කි වීදියේ ආහාර කොළඹට ගෙන ආ Doner ‘n’ Durum

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

මේ වෙද්දි කොළඹ කියන්නේ කෑම බීමවලට ලොකු තේරීමක් තියෙන නගරයක්. ඒ අතරට එකතුවෙන තවත් අපූරු අවන්හලකට මම පහුගියදා ගොඩවුණා. Doner ‘n’ Durum කියන මේ අවන්හල කරන්නේ තරුණයන් කිහිපදෙනෙක්. සංචාරයටත් කෑමබීමවලටත් බොහොම ඇලුම් කරන මේ අයගේ අවන්හල පටන් අරන් තියෙන්නේ වීථි ආහාර සංස්කෘතිය ගැන වැඩි හැඟීමකින් යුතුවයි. 

විශේෂයෙන්ම තුර්කි සහ ජර්මනි ඩොනර් ආහාරවලට වැඩි ප්‍රමුඛතාවක් මෙතැනදී හිමිවෙනවා. එම ජර්මානු සහ තුර්කි සම්මිශ්‍රණය ලංකාවට මුල්වරට හඳුන්වාදෙන්නේත් Doner ‘n’ Durum  වීම විශේෂත්වයක්. 

අවන්හලට Doner ‘n’ Durum කියන නම යොදාගෙන තියෙන්නේත් යුරෝපය පුරා ජනප්‍රිය තුර්කි වීථි ආහාරයක් අනුවයි. තවමත් පටන් ගත් අලුත වුණත් මේ අවන්හලේ දී ඉතාම ආකර්ෂණීය සුහද සේවාවක් හිමිවෙනවා. විශේෂයෙන්ම මිල ගණන් වුණත් ඔවුන්ට පිරිනමන ආහාරවලට අදාළව ඉතාම සාධාරණයි. 

ඔවුන්ගේ මෙනුවේ තියෙන නොයෙකුත් ආහාර දීසිවලින් ජනප්‍රියම ආහාර විදිහට Doner, Durum සහ the Snack Pack හැඳින්වෙනවා. ස්නැක් පැක් කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අල පෙති බැදුමක්. හැබැයි ඒක උඩින් ලොකු චීස් තට්ටුවකුත් ඊටත් උඩින් ලැම්බ් හෝ චිකන් සහ සෝස් වර්ගත් දාලා තියෙනවා. ඉතින් ඒක කාගේත් තේරීමක් වෙන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ස්නැක් පැක් එකට අමතරව Doner Classic Chicken (ජූසි චිකන්, ගම්මිරිස්, සලාද කොළ, ලුනු, සෝස් වර්ග දාලා හදපු රසවත් කෑමක්) සහ Durum Mayo Chicken (චිකන්, සලාද කොළ, තක්කාලි, අච්චාරු සහ පදමට සෝස් දාපු wrap එකක්) කියන ආහාර වර්ග දෙකම රස බැලුවා. ඒ දෙකේම තිබුණේ සම කරන්න බැරි පුදුම රසක්. 
ප්‍රධාන ආහාරවලින් පස්සේ පැෂන් ෆෘට් යෝගට්, මැන්ගෝ බ්ලාස්ට් සහ ස්ට්‍රෝබෙරි බ්ලාස්ට් කියන අතුරුපස වර්ග තුනම මම රස බැලුවා. කොහොම වුණත් ඒවා අතුරින් නොම්මර එක හිමිවෙන්නේ ස්ට්‍රෝබෙරි බ්ලාස්ට් එකටයි. 

ධනූ
ඡායාරූප - you’re my favorite