2019 මාර්තු 09 වන සෙනසුරාදා

අසරණ බලු සුරතලුන්ගේ adoption day මාර්තු 10

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

බලු පැටවුන් කියන්නේ ලංකාවේ සුරතලුන් අතරින් ප්‍රමුඛයා කිව්වොත් වැරදි නැහැ. කොටින්ම බලු පැටවෙක්ට ආසා නොකරන කෙනෙක් හොයාගන්නත් බැරිතරම්. ගොඩක් දෙනෙක් හුරුවෙලා ඉන්නේ සල්ලි දීලා බලු පැටවෙක් අරන් ගෙදර ගෙනිහින් හදා වඩා ගැනීමයි. හැබැයි හරියට ඉන්න තැනක් තැනිව අසරණ වෙච්ච බලු පැටවු ගොඩක් අපි අවට ඉන්නවා කියලත් අපිට අමතක වෙනවා. 

ඉතින් මේ අමතක වෙලා ගිය කාරණය නැවත මතක් කරදෙන්න තමයි ඔටාරාගේ embark කාර්යාලය කටයුතු කරන්නෙ. ඉතින් embark ගෙනෙන adoption day එකක් මාර්තු 10 වැනිදා ඉරිදා පැවැත්වෙනවා. ජා ඇල කේ සෝන් එකේ තියන මේ වැඩසටහනය ගියොත් පවුලක් අහිමි සුරතල් බලු පැටවෙක්ගේ තමන්ගේ පවුලට එකතු කරගන්න ඉඩකඩ සැලසේවි. එදින සවස 2 සිට 4 දක්වා මේ වැඩසටහන පැවැත්වෙනවා. 

ඔටාරා ඔඩෙල් එකේ කටයුතු කරන අතරේදීම සමාජ සත්කාර සේවාවක් විදිහට පටන් ගත් embark මේ වෙද්දි බලු පැටවුන් විශාල සංඛ්‍යාවකට ආදරණීය පවුල් මුණගස්වා තිබෙනවා. ඉතින් අසරණ ජීවිතයක් සුන්දර කරන්න හිතන ඔබටත් ජාඇලදී මේ වැඩේට එකතු වෙන්න පුළුවන්. 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00