මැදින් මහේ ගොවිතැනට රාජකීය පොකුරු යෝගයක්!
උත්තරායනය, වසන්ත ඍතුවේ, මීණ රවි 11 භාග, මැදින් මහේ අනුර නැකතින් විශේනිය තිථියලත් (පූර්ණ) මාර්තු 25 සඳු දින පෙරවරු 7.14 සිට 7.17 අතර උතුරු දිශාව බලා ශනියේ තත්කාල හෝරාවෙන් ශනියේ පංචම කාල හෝරාවෙන් ශනියේ ශූක්ෂම කාල පරාශයෙන් ශ්‍රී ලාංකේය ගොවිතැනට කල්ප වෘක්ෂයක් බඳු රාජකීය පොකුරු යෝගයක් උදාවන්නේය. ආනන්දා දී අටවිසි මහා යෝග චක්‍රයට අනුව මානස නම් ශුභ යෝගයද අතිරේකව විද්‍යමාන වෙන්නේය.
අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප නැකත් හිමි ජන්ම ලාභීනට මෙන්ම පොදුවේ සැමටද උපරිම ඵල නෙලා ගත හැකි බැව් මුහුර්ත චින්තා මණියෙහි මෙසේ සඳහන් වෙයි.
පුවපල් පුවසලය සුවණය මුලය විසා
අනුර මා නැකත් රේවති සියාවසා
මීන මිථුන සිංහ ශනි හෝරා විමසා
මෙකී නැකත් සඳු දින තිබුණ නොවලසා
බටු නම් කොළ තුනට මල් කැකුළු තුන දකී
වැල නම් කොළ තුනට පල පොකුරු තුන සකී
අල නම් තුන බසී දැනගන්න නියතකී
පවසන් පොකුරු යෝගය සතට වැඩ දකී
මෙම 25 දිනයේ පෙරවරැ 7.14 සිට 7.17 අතර විනාඩි 3 කාලය තුළ උතුරු දිශාව බලා ගොවිතැන් කිරීමෙන් විපුල ඵල අත්කරගත හැකිවේ. අස්වැන්න ඉහළ යාම, වර්ෂාව, ගංවතුර, නියඟ ආදියෙන් විනාශ නොවීම, රෝග පීඩා ඇති නොවී සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට මෙම අවස්ථාව යොදාගත හැකිය.
කෝටියක් දෝෂ භංගවන ශ්‍රී කාල සම්පත්ති ජය මුහුර්තයක්
යාමයකට නැකැත් පැය සය බැගින් දිවා රාත්‍රී යාම දහයකට බෙදා වෙන්කොට දැක්වූ ඉපැරණි පොදු ජනයා අතර යමකාලය නමින් ප්‍රකට වූ කාලයක් ද විය. සුභාසුභ සියලු කරුණු කාරණාවන් සඳහා පංච පක්ෂි - යාමකාලය එදත් අදත් ගම්බද දිවියට හුරුපුරුදුය. අ-ඉ-උ-එ-ඔ ස්වරාක්ෂර පංචකයට භේරැණ්ඩ, පිංගල, කාක, කුක්කුට, මයුර පංච පක්ෂි සුවිශේෂ නක්ෂත්ර ක්‍රමවේදයන් ඔස්සේ අතිශය ප්රබලව යොදා ඇති නක්ෂත්ර මුහුර්තයන් පුරාණාචාර්ය උතුමන්ලා මානව හිතවාදීව නිර්මාණය කරනු ලැබූ විස්මිත දායාදයකි.
උත්තරායනය වසන්ත ඍතුවේ මීන රවි 04 භාග, මැදින් මස පුර, මාර්තු 18 සඳු දින පෙරවරැ 11.16-11.52 අතර යෙදී ඇති විනාඩි 36ක කාල පරාසය පුරා පිංගල (බකමූණු) පක්ෂියාගේ රජ සමයේ රජ ශූක්ෂමය නිර්මාණය වී ඇත්තේය. දකුණු දිශාව බැල්මයි.
බුධ හිමි මිථුන රාශ්‍යාධිපති, පිංගල, ජලභූත, භූතාධිපති මැදිහන් මහ පුර මාසාධිපති රජ සමය රජ ශූක්ෂම නෛසර්ගික සමය දක්ෂිණ දිශාව දිශාධිපති - චන්ද්‍ර දිශාධිපති, අස්ලිය නක්ෂත්රාධිපති, පුර දොළොස්වක තිථියාධිපති, යමකාල නක්ෂත්ර ප්‍රයෝගයෙන් අනූනයි.
අද, පුනාවස, පුෂ, අස්ලිය, මා, පුවපල් නැකැත් හිමියන්ට මෙන්ම ඉ-ඛ-ජ-ඪ-න-ම-ශ නාමාක්ෂර හිමියන්ටද විජයග්‍රාහී අතිප්රබල ප්රශස්ත ඉතාම දුලභ ඥානයෙනි අසිරිමත් ප්රශස්ත ජය මුහුර්තියෙකි.
ජය මුහුර්තයෙන් ගත හැකි ප්‍රයෝජන
නම්බුනාම, කීර්ති ප්‍රශංසා, උසස්වීම්, තුරඟ තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ විජයග්රහණ, ජ්‍යොතිෂ, ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා වෛද්‍ය, තෙල් බෙහෙත් චූර්ණ කල්ක, අරිෂ්ඨ නිෂ්පාදන, ආදී කාර්යභාරයන් සඳහා ද කෘෂිකාර්මික කාර්මික, ව්‍යාපාරික කටයුතු, පොත්පත් ලිපිලේඛන ආශ්රිත කටයුතු ද ප්රභූජන වසඟයටද අමනාපවුවන් මනාප කර ගැනීමටද, නිර්ණාමික/ නාමික සොර සතුරැ බලවේග මර්දනයට ද ප්‍රමාද වූ විවාහ ගැටලු විසඳාගැනීමට, අලෙවි නොවන ගොඩමඩ හේන් අලෙවියටද නිදන්ගත මෙන්ම මාරාන්තික රෝගාබාධක සඳහා ප්‍රතිකාර සහ සෙත් ශාන්ති ආශිර්වාද සඳහා ද කෝටියක් දෝෂ භංගවෙන අභිමතාර්ථ සාධක විස්මිත සුභ මුහුර්තයෙකි. චිරං ජයතු!
දිවයිනටම සාම විනිසුරු - ප්‍රවීණ ජ්‍යොතිර් විද්‍යාශූරී
කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි