2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

කටදන කකුළුෙවා් : සීෆුඩ් කොත්තු කළුපොල් ඌරුමස් සමඟින් Flamingo House

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

 

මෙවර මම ගමන් ගත්තේ, කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටලා තියෙන සුපිරි තත්ත්වයේ අවන්හලකටයි. ෆ්ලෙමින්ගෝ හවුස් නමින් නම් කරලා තියෙන මේ අවන්හල සාමාන්‍ය අවන්හලකට එහා ගිය අත්දැකීමක් ගෙනෙන බවයි එහි කාර්ය මණ්ඩලය නම් කියන්නෙ. ඒ කතාව ඇත්තක් බව කියැවෙන අත්දැකීමකුත් ඔබට ෆ්ලෙමින්ගෝ හවුස් වෙත ගියොත් දැනගන්න ලැබේවි. ඒ ලංකාවේ දෙමළ කෙල්ලකට ආදරය කරපු ඒ ආදරය වෙනුවෙන් කැපකිරීම් ගොඩකුත් කරපු ආදරණීය සුදු මහත්තයකුගේ කතාව. 

කෑම ගැන කතා කරද්දී ඔවුන් පිළිගන්වන ගමේ තුනපහ දාපු කකුළුවන් බොහෝම රසවත්. ඒ වගේම සී ෆුඩ් කොත්තුවත් කළුපොල් ඌරු මස් ව්‍යංජනයත් රතු වයින් වීදුරුවත් හොඳට ගැළපෙන ආහාර කිහිපයක්. 

ෆ්ලෙමින්ගෝ හවුස් තමන්ගේ ආහාර ඉදිරිපත් කරන්නේ ගොඩක් දුරට පෙරදිග ආහාර වට්ටෝරු අනුවයි. හැබැයි පිළියෙල කිරීමේදීත් පිළිගැන්වීමේදීත් හරි අපූරැවට බටහිර සූප ශාස්ත්‍රයත් ඔවුන් ගළපාගෙන තියෙනවා. 

- ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප - You’re my favorite

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00