ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා
ප්‍රවීණ පුවත්පත් කලාවේදියක වන අනුල ද සිල්වා ප්‍රකට ලේඛිකාවකි. පරිවර්තිකාවකි. ඇය විසින් සුනිමල්, පාරැ කෙල්ල, සිරිමල්ගේ වාසනාව ඇතුළු යොවුන් නවකතා රුසක් ලියා ඇති අතර නන්ද සහ සරණ සහ රාමා හා දිනූ යොවුන් නවකතාවලට රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිකර ගත්තාය. අනුල ද සිල්වාගේ අලුත්ම යොවුන් නවකතාව ඔටිසම්ය. එය කර්තෘ ප්‍රකාශනයකි.
ඔබේ අලුත්ම යොවුන් නවකතාව වන ඔටිසම් තරමක් වෙනස් තේමාවක් ගත් බව පේනවා.
ඔව්. මෙතනදී මම සලකා බැලුවේ ඔටිසම් කියන රෝගී තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ළමුන් ගැන කතාවක් ඉදිරිපත් කිරීමටයි. මේ ළමුන් ඉන්න දෙමාපියනුත් ලොකු පීඩාවක් විඳිනවා. මට මේ ළමුන් වගේම දෙමාපියන් ගැනත් හැඟීම්බරව හිතුණා. ඔවුන්ට සහනයක් වන්නේ කෙසේද කියන අදහසත් මගේ හිතේ තියෙනවා.
මේ නවකතාව ලිවීමට අවශ්‍ය අත්දැකීම් සොයාගත්තේ කෙසේද?
හමුදා රෝහල අසලම තිබෙනවා හමුදාව මගින් පවත්වාගෙන යන සෙනෙහස මධ්‍යස්ථානය කියලා දරු රැකවරණ ස්ථානයක්. මම එතැනට ගියා, වෛද්‍ය කාමලිකා වනිගසේකර සහ කර්නල් ප්‍රසන්න එතැනදී හමුවුණා. එතැන ඉන්න ඔටිසම් දරුවන්ගේ චර්යා රටා නිරීක්ෂණය කළා. මම ගොඩාක් කරුණු එතැනදී ලබාගත්තා. ළමුන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් පසුබිම් කරගෙන කතාව ගොඩනැගුවා. මේ ළමයින්ගේ අධි ක්‍රියාකාරීත්වය නිසා අනෙක් අයට ඒක වධයක්. දෙමාපියන්ටත් හරිම වධයක්. ඔවුන් රුකබලා ගැනීමත් හරි අසීරුයි. දරුවන් වෙනුවෙන් අම්මලා කොපමණ ශක්තිමත් විය යුතුද කියන කාරණයත් මෙහිදී මතු කරනවා.
මෙම කෘතියට ලැබුණු ප්‍රතිචාර කෙසේද?
පොත පිටවෙලා තවම මාසයක්වත් නෑ. නමුත් ඉතා හොඳ ප්‍රතිචාර කිහිපයක් ලැබුණා. ඔටිසම් ළමයෙකුගේ අම්මා කෙනෙකුත් කියවලා ලොකු මානසික සහනයක් ලබා තිබෙනවා.
ඔටිසම් කියන්නේ බොහෝ යොවුන් නවකතාවල දකින්න නොලැබෙන තේමාවක්. අද බිහිවන යොවුන් නවකතා දෙස බලන විට පෙනෙන්නේ ලේඛකයන්ට තේමා සොයාගැනීමේ දුෂ්කරතාවයක් තිබෙන බවයි.
මම නම් අමුතු තේමා සොයාගෙන යන කෙනෙක්. මීට පෙර ලියූ පාරු කෙල්ල පොත ලිවීමටත් මම ඔරැ පදින කෙල්ලෙක් ගැන හොයන්න හැමිල්ටන් ඇළ දිගේ ගිහින් අත්දැකීම් සෙව්වා. ඔටිසම් පොතටත් වටපිටාවෙන් කරුණු ගොඩක් සෙව්වා. පොතේ සාර්ථක අසාර්ථක බව පාඨකයන් තමයි තීරණය කරන්න ඕනෑ.
ලේඛකයන්ගේ අත්දැකීම් ගැන පැවසුවහොත් නම් අත්දැකීම් නැහැ කියන එක පිළිගන්න බැහැ. තමන් විඳින, අහන දකින දෑ අත්දැකීම් බවට පත්කර ගැනීමට හුඟ දෙනෙකුට හැකියාවක් නෑ. සම්ප්‍රදායානුකූලව යොවුන් නවකතාවලට වැඩිදෙනා තේමා කරගන්නේ ගවේෂණ චාරිකා, වීරකතා, ත්‍රාසජනක කතා වගේ ඒවානේ. සමාජයේ තිබෙන අත්දැකීම් ගැන හුඟ දෙනෙක් හිතන්නේ නැතිකමයි ගැටලුව. අපි අවටම නවකතාවලට සුදුසු කතා තේමා ඕනෑ තරම් තිබෙනවා.
යොවුන් කතා ලිවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක්ද?
මම නම් උත්සාහ කරන්නේ හොඳ ළමුන්ගේ යහපත් දේවල් තේමාකර ගනිමින් සමාජයට ළමා පරපුරට යමක් ලබාදීමටයි. ඔවුන්ට ධෛර්යයක් ලබාදීමටයි. වෘතාන්ත නවකතාවලින් මම උත්සාහ කරන්නේ කාන්තාවන් දිරිමත් කිරීමටයි.
ඉංග්‍රීසි යොවුන් නවකතා කියවලා ඒ කතා තේමා තරමක් වෙනස් කර සමහර ලේඛකයන් කොපි කරන බවට චෝදනාවක් තියෙනවා නේද?
සමහරු කියනවා සුමානෙකට ඉංග්‍රීසි පොත් කීපයක් කියවනවා කියලා. ඊට පස්සේ කොපි කරලා තමන්ගේ වගේ ලියනවා. අලුත් පරම්පරාව ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ දේවල් කළොත් ඔවුන්ට පැවැත්මක් නැහැ.
අද තරුණ පරපුරේ කියවීම ගැන ඔබ හිතන්නේ කුමක්ද?
මට නම් අලුත් පරපුරේ කියවීම අඩුයි කියලා එකපාරට කියන්න අමාරුයි. මම නම් හිතන්නේ දෙමාපියන් තම දරැවන් කියවීමට පෙළඹවිය යුතු බවයි. මගේ පුතාගේ දරුවෝ දෙන්නා නම් කියවීමට උනන්දුයි. ඒ දරුවෝම ගිහින් පොත් මිලදී ගන්නවා. පුස්තකාලෙට ගිහින් පොත් ලබාගන්නවා. ඒ වගේ කුඩා කාලෙ ඉඳන්ම දරුවන්ට පොතපත සමීප කරවිය යුතුයි. එවිට ඔවුන් ඒකට ඇබ්බැහි වෙනවා. කියවීම තමයි නිර්මාණශීලී මනසක් තැනීමට මූලික වන්නේ. ඒත් අද බොහෝ අම්මලා ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන ෆේස්බුක් යනවා. නැත්නම් ඒක කනේ ගහගෙන යනවා. ඉතින් කොහොමද ළමයි කියවීමට යොමු කරන්නේ. කියවීම හුරැ වූ ළමයි තරැණ වියට පත්වූ පසුත් කියවීම දිගටම කරගෙන යනවා.
වෘත්තීය ලේඛිකාවක් ලෙස ඔබගේ තරැණ පාඨකයන් ගැන කිව්වොත්?
මගේ පොත් කියවන තරැණ පාඨකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මට නිතර දුරකථන ඇමතුම් දෙනවා. ඔවුන් විවිධ ආයතනවල සේවය කරනවා. සමහරැ ලොකු තනතුරැ දරන අය. ඉතින් ඒ අය පොඩි කාලෙ ඉඳන්ම කියවලා මේ තත්ත්වයට පත්වෙන්න ඇති.
ස්වර්ණ පුස්තක සම්මානය නිසා නවකතා පළවීම ඉහළ ගියා වගේ රජත පුස්තක සම්මානය පිරිනැමීම නිසා යොවුන් නවකතා බිහිවීමත් වැඩිවෙලාද?
ඔව්. ඒ වගේ ප්‍රවණතාවයක් තිබෙනවා. ස්වර්ණ පුස්තක බලාගෙනම පොත් ලියන අය ලංකාවේ ඉන්නවනේ. ඒ වගේ රජත පුස්තක සම්මානෙ යොවුන් නවකතාවලටත් ලබාදීම නිසා ඒ ක්ෂේත්‍රයේ පොත් බිහිවීමත් වැඩි වී ඇති බව පේනවා. කුමන ආකාරයෙන් හෝ යොවුන් නවකතා පළවීම ඉහළ යාම ගැන නම් මට සතුටුයි.
කුසුම්සිරි විජයවර්ධන