2019 මැයි 04 වන සෙනසුරාදා

බෙන්තර ත්‍රාසජනක ජල ක්‍රීඩා අත්දැකීම්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 341

ලංකාවේ ත්‍රාසජනක ජල ක්‍රීඩා ගැන කතා කරනකොට බෙන්තොට අපිට අමතක කරන්නම බෑ. දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මේ අත්දැකීම ලබාගන්න බෙන්තර එනවා. දකුණු පළාතයි බස්නාහිර පළාතයි වෙන් වෙන මේ අපූරු ඉස්සව්ව දැන් කාලයක ඉඳලා සංචාරක පුරවරයක්. හැබැයි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ අත්දැකීම විඳින්න විශාල මුදලක් යනවා කියලා. නමුත් දේශීය සංචාරකයන්ට අතේ ඇති මුදලට හිතේ හැටියට විනෝද වෙන්න දැන මේ පුරවරයේදී පුළුවන්.

කොළඹ ඉඳන් ගාලුපාරේ එනවා නම් පැය 2ක් දුරින් මේ පුරවරය ළඟාවෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ සුඛෝපභෝගී තරු පංතියේ ප්‍රධාන පෙළේ හෝටල්වල ඉඳලා සාමාන්‍ය ගිමන්හල දක්වා නවාතැන් පොළවල් රාශියක් තිබෙනවා. ආහර පාන එහෙමත් ඕන හැටියට. සුන්දර මුහුදු වෙරළේ දිය නෑමේ හැකියාවත් තිබෙනවා වගේම සුදු වැලි මත ඉඳගෙන උණුසුම් හිරු රැස් නාන්නත් පුළුවන්.

බෙන්තොට ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාවේ කීර්තිමත්ම නගරයයි. මෙහිදී විශාල ජල ක්‍රීඩා ප්‍රමාණයක් තිබෙනවා. Jet Ski Riding, Wind Surfing, Boogie Boarding, Water Skiing, Kite Surfing ඒ අතරින් ටිකක්. තනි තනිව තරුණ ජවය උද්වේගය එක්ක කරන ක්‍රීඩා වගේම පවුල පිටින් දරුවන් එක්ක කරන්න පුළුවන් දේවලුත් තියනවා Banana Boat අත්දැකීම අන්න ඒ වගේ දෙයක්. ජල ක්‍රීඩා මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් මෙහි තිබෙනවා. විශාල පුහුණු උපදේශකයෝ ප්‍රමාණයකුත් ඉන්නවා. ජීවිත ආරක්ෂාව ගැන ඔවුන්ගෙන් හොඳ සහතිකයක් ලැබෙනවා. නමුත් හොඳම තැනක් තෝරගන්න එක බොහොම වැදගත්.

ජල ක්‍රීඩාවල අමතර බෙන්තර ගඟේ බෝට්ටු සවාරි යන්න, සල්ලි එහෙම තියෙනවා නම් චොපර් එකේ රවුමක් දාන්න බෙන්තර ආවම පුළුවන්. මේ විනෝද ත්‍රාසජනක දේවලට අමතරව අළුත්ගම කන්දේ විහාරය, බෙන්තර පුරාණ ගලපාත විහාරය පුංචි සිරීපාදේ ජෙෆ්රි ගාර්ඩන් වගේ වැදගත් සුන්දර පෞරාණික ස්ථන නරඹනත් මේ අවටදී හැකියාවක් තිබෙනවා.

 සේයාරූ අන්තර්ජාලයෙන්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00