මාදු ගඟ දකුණු පළාතේ ඉහළ පාරිසරික වටිනාකම් තියෙන පරිසර පද්ධතියක්. ඒ නිසාම විශේෂ සංචාරක ආකර්ෂණයක් මේ ප්රදේශයේ තිබෙනවා. ඒ නිසා දෙස් විදෙස් සංචාරකයන්ට මාදුගඟේ බෝට්ටු සවාරිය එක්කරන්නේ බොහොම සුන්දර අත්දැකීමක්. කඩොලාන පරිසර පද්ධතිය ගඟ මැද පිහිටි දූපත්, වෙහෙර විහාර වගේ දේවල් ඒ අතරින් සුවිශේෂියි.
Thotupola River Park කියන්නේ මේ අපූරු පරිසර පද්ධතියේ තිබෙන නිස්කලංක ගිමන්හලක්. බලපිටියේ පන්සල පාරේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. බෝට්ටු සවාරියට එක්වෙන සංචාරකයන්ට සියලු පහසුකම් සපයන ස්ථානයක්. කඩොලාන ගස් අතර ඉදිකරලා තියෙන පරිසර හිතකාමී අවන්හල මෙතැනට එකතු කරන්නේ සුවිශේෂී හැඩයක්. එහිදී ඉන්දියානු සහ ජර්මානු ආහාර වගේම දේශීය ආහාර පානවල රස බලන්නත් පුළුවන්.
මීට අමතරව ගිමන් නිවන්න වගේම නවාතැන් ගන්නත් කාමර පහසුකම් Thotupola River Park මෙම ස්ථානයේ තියෙනවා. හික්කඩුවට පැමිණි සංචාරකයන්ට මිනිත්තු 12ක් වාගේ ඇතුළත මෙම ස්ථානය ළඟා වෙන්න පුළුවන්. කොළඹ ඉඳන් ගාලුපාරේ එනව නම් පැය දෙකහමාරක් වගේ ඇතුළත මෙතැනට ළඟාවෙන්න පුළුවන්.
සේයාරූ අන්තර්ජාලයෙන්