ග්‍රහ මණ්ඩලයේ බිහිසුණු සිදුවීම් ඇති කිරීමට සමත් වන යුරේනස් හා අඟහරු බුධ ග්‍රහයා සමඟත් සිකුරු සමඟත් යුද සංග්රාමවල නිරත වීමක් සිදුවේ. ඒ අනුව මේෂ රාශියෙහි අස්විද නැකතේ තුන්වැනි පාදයේ දී 2019 මැයි මස 8 වැනි බුධ දින බුධ ග්‍රහයාත් යුරේනස් අතරත් යුද සංග්‍රාමයක් ඇතිවන අතර නැවතත් මැයි 18 වැනි ශනි දින සිකුරු ග්‍රහයාත් යුරේනස් අතරත් අස්විද නැකතේ තුන්වැනි පාදයෙදී යුද සංග්‍රාමයක් සිදුවේ. එසේම යළිත් 2019 ජූනි 18 වැනි කුජ දින ගුරුට අයත් පුනාවස නැකතේ දෙවැනි පාදයෙදී බුධ ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් අතර එවැනිම යුද සංග්‍රාමයක් ද ජූලි 9 වැනි කුජ දින සෙනසුරුට අයත් පුෂ නැකතේ තුන්වැනි පාදයෙදී බුධ ග්‍රහයාත් අඟහරැ ග්‍රහයාත් අතර යුද සංග්‍රාමයක් සිදුවීමට නියමිතය. බුධ, සිකුරු පීඩාවටත් යුරේනස් අඟහරැත් පීඩා වෙමින්ද ඇතිවන්නා වූ මෙම යුද සංග්රාමවල බලපෑම ඉදිරි මාස 3ක් යනතුරු බල පවතිනු ඇත.
මේ තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉදිරි කාලය ඉතා අයහපත් වූ කාල වකවානුවක් වන අතර දුම්රිය පීලි පැනීමක්, අනතුරට ලක්වීමක්, ගිනි ගැනීම්, දුම්රියට මෝටර් රථ, බස් රථ වැදීම නිසා සිදුවන අනතුරැවල ඉහළ යාමක් ද, තෙල් රැගෙන යන දුම්රියක් අනතුරට පත්වීමක්ද වාර්තා වන වකවානුවකි. දේශපාලනඥයන්ට, වැඩ කරන ජනතාවටද, ලේඛකයන්ට හා ජනමාධ්‍යවේදීන්ට ද ඉදිරි කාලය අපල ගෙනදෙන අතර ඔවුනට මාරක ද යෙදෙනු ඇත. විනෝද හා සන්නිවේදන ස්ථාන, තැපැල් කාර්යාල, අධ්‍යාපනික ආයතන ආශ්‍රිතව සේවක ප්‍රශ්න මෙන්ම සම්බන්ධ අයට බලාපොරොත්තු නොවූ හදිසි පීඩා ඇතිවන වකවානුවකි. ව්‍යාපාරික, අධ්‍යාපනික, ආගමික කටයුතු ආශ්‍රිතව නව නීති ද ඇතිවනු ඇත. විශේෂයෙන් ගෑස් ගබඩාවල හදිසි ගිනි ගැනීමක් ද සිදුවීමට ඇති ඉඩ වැඩිය.
මේෂ - විශාල පාඩු
ඔබගේ කටයුතුවලට අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. විශාල පාඩු ඇතිවිය හැකි බැවින් පරිස්සම් වීම වැදගත් වේ. පදිංචි ස්ථානය ආශ්රිත ප්‍රශ්න පැන නගී. තම මතයට කටයුතු කිරීමට යාමෙන් ගැටලු උග්‍ර වෙයි.
වෘෂභ - සමගියට බාධා
පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කෙරේ. දුර ගමන් යාමෙන් වැළකී සිටිය යුතු කාලයක් ද වේ.
මිථුන - ආර්ථිකය හොඳ නැහැ
හවුල් කටයුතුවල නිරත වන අයට අයහපත් බලපෑම් ඇතිවන අතර සමාජ සේවා කටයුතුවල නිරත අයට ද අයහපත් වේ. ආර්ථික ගැටලු ඇතිවන බැවින් මූල්‍ය කටයුතුවලදී පරිස්සම් වීම වැදගත් වේ.
කටක - ශරීර පීඩා
සේවා ස්ථානය ආශ්‍රිතව යම් ශරීර පීඩාවක්, චිත්ත පිඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කරන්න. දුර ගමන් යෑමෙන් ද වැළකී සිටීම වැදගත් වේ. පවුල් දිවියේ ද මතභේද ඇතිවනු ඇත.
සිංහ - ලැබීමට නරකයි
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. ලැබීම් මාර්ගවලට බාධා එල්ල වනු ඇත. කෙටි ගමන්වලින් ඵලක් නොලැබෙන කාලයකි.
කන්‍යා - පරිස්සමෙන් වැඩ
හදිසි ශරීර පීඩාවකට ලක්විය හැකි බැවින් රථවාහන එළවීමේදීත් මඟතොට යාමේදීත් උස් ස්ථානවල ගමන් කිරීමේදීත් පරිස්සම් විය යුතු වේ. සේවා ස්ථානය පිළිබඳ යම් යම් ගැටලු මතුවනු ඇත.
තුලා - කෙටි ගමන්
පවුල් දිවිය ආශ්‍රිතව ගැටලු ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වනු ඇත. කෙටි ගමන්වලින් ද ඵල අඩු කාලයක් වේ.
වෘශ්චික - මිතුරන්ගෙන් ගැටලු
ඔබට එරෙහි සතුරු උවදුරු ඇතිවන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි ශරීර පීඩා ද ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වීම වැදගත් වේ. ශරීරයේ ලේ ආශ්රිත පීඩාවක් ද ඇතිවන අතර මිතුරන් නිසා යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක.
ධනු - ප්‍රේමයට බාධා
ප්‍රේම කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ අත් නොවන කාලයක් ද වන අතර තමන් කිරීමට යන කටයුතුවලටත් බාධා ඇතිවනු ඇත.
මකර - ඉවසීම හොඳයි
පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න මතුවනු ඇත. පවුල් දිවියේ ද සමගිය බිඳවැටෙන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
කුම්භ - සතුරු බලවේග
තාක්ෂණික කාර්මික ක්ෂේත්රවල නිරත වී සිටින අය පරිස්සමින් කටයුතු කළ යුතු වේ. ඔබට එරෙහිව සතුරු බලවේග හිස ඔසවන කාලයක් ද වේ. ශරීරයේ ලේ ආශ්රිත පීඩාවක් ද මතුවනු ඇත.
මීන - ඉතිරි කිරීමට ඉඩ
පදිංචි ස්ථානය සම්බන්ධ ගැටලු මතුවනු කාලයකි. පවුල් දිවියේ ද සමගිය අඩපණ වන වකවානුවක් වේ. ආර්ථික දුෂ්කරතා මතුවන කාලයක් බැවින් ඉතිරිකර ගැනීමට උත්සාහ දැරීම වැදගත් වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල