2019 ජුනි 01 වන සෙනසුරාදා

දකුණුලක අලුත්ම සංචාරක පාරාදීසය Fairway Sunset Hotel

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 108

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ ගාලු කොටුවට කිලෝමීටර් දෙකක් පමණ දුරින් අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටා ඇති Fairway Sunset Hotel කියන්නෙ දකුණලක සංචාරක කර්මාන්තයට අලුතින් එක්වුණු සුඛෝපභෝගී වර්ගයේ හෝටලයක්.

Jungle Bay, රූමස්සල සහ ඉන්දියන් සාගරයේ අපූරු දසුනක් නරඹන්නට මෙහි නවාතැන් ගන්න සංචාරකයන්ට හැකිවෙනවා. ඒ වගේම කොග්ගල වෙරළ, Jungle Beach, ජපන් සාම සෑය, ගාලු වරාය, Lighthouse, Old Gate, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය, උණවටුන වගේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසකට පහසුවෙන් ළඟාවෙන්න Fairway Sunset හී ලැගුම්ගන්න සංචාරකයන්ට හැකිවෙනවා. ඩොල්ෆින්ලා නරඹන්න, මාළු බාන්න, බෝට්ටු සවාරි යන්න, ගම්වල සංචාරය කරන්න, කලමැටිය කුරුළු උද්‍යානය නරඹන්න වගේම වන උද්‍යානවල සංචාරය කරන්නත් මෙහි නවාතැන් ගන්න සංචාරකයන් කැමති බවයි දැනගන්න ලැබුණෙ.

කාමර 65කින් යුතු හෝටලයේ සෑම කාමරයක් සඳහාම පෞද්ගලික බැල්කනියක් වෙන්කර ඇත්තේ බැසයන හිරැගේ දර්ශන වඩාත් හොඳින් විඳගන්නට සංචාරයන්ට අවස්‍ථාව සලසාදීම උදෙසායි. නූතන සුඛෝපභෝගී පහසුකම් සියල්ලෙන්ම පාහේ සම්පූර්ණ මෙම කාමර ලාංකීය අනන්‍යතාව සුරැකෙන අන්දමින් නිර්මාණය කර තිබීම විශේෂයි. මෙම කාමර අතර සංචාරක කණ්ඩායම් සහ පවුල් සඳහා සුවිශේෂී Apartment, Budget Rooms ද අන්තර්ගතයි. ඒ වගේම Restaurant දෙකක් Spa එකක් සහ Rooftop Bistro Bar එකකින් සමන්විතයි.

Fairway Sunset හි මුළුතැන්ගෙය ඇතුළු ඉවුම් පිහුම් අංශය බාරව ඉන්නෙ Executive Chef Sesha Fernando. ඔවුන් සංචාරකයන්ගේ ඉල්ලීම අනුව ඕනෑම ආහාරයක් තරු පන්තියේ ගුණාත්මකභාවයෙන් යුතුව පිළිගන්වන්න සූදානම්.

අංශක 360ක හාත්පස දර්ශනයත් හැම හැන්දෑවකම නෙත ගැටෙන බැසයන හිරුගේ දසුනත් නිසා සුවිශේෂී වූ Fairway Sunset Hotel දේශීය විදේශීය සංචාරකයන්ට දුර්ලභ නවාතැනක් වෙන බව නිසැකයි.

 සනත් වීරසූරිය

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00