අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් රටේ ජනජීවිතය මතු නොව සාහිත්‍ය කලාවන්ද පුපුරා ගියේය. කලා ක්ෂේත්‍ර අතරින් සිනමාවට මෙයින් එල්ලවූයේ විශාල හානියකි. අප්‍රේල් 21දායින් පසු එළඹුණු සති කිහිපය තුළම ජනතාව සිනමාහල් වෙතට ගියේම නැත. තවමත් ඒ තත්ත්වයේ විශාල වෙනසක් සිදුව නැත. මේ නිසා කොළඹ ප්‍රධාන පෙළේ සිනමාහල් මෙන්ම නගරයෙන් දුර බැහැර සිනමාහල්ද පාළුවට ගොසිනි.
අප්‍රේල් මාසයේ ප්‍රදර්ශනය වෙමින් පැවති අසන්ධිමිත්තා, දැකල පුරුදු කෙනෙක් වැනි උසස් මට්ටමේ සිනමාපට ප්‍රේක්ෂක ආකර්ශනය ලැබීමට පෙරම ගැලවී යාමට පාස්කු ප්‍රහාරය හේතු විය. භීතියෙන් සහ තැතිගැන්මෙන් කල්පනා කරමින් සිටි ජනතාව චිත්‍රපට බැලීම කෙසේවෙතත් දරුවන් පවා පාසල්වලට යැව්වේ නැත. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල ප්‍රනාන්දු සඳහන් කරන්නේ සිනමාව මේ තත්ත්වයෙන් මුදාගැනීමට දැනටමත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය. මෙරට තිබෙන සිනමාහල් 170ක් පමණ සංඛ්‍යාව වර්ගීකරණය කර කොටස් තුනක් යටතේ සිනමාපට බෙදා වෙන්කර ප්‍රමිතියෙන් යුතු නිර්මාණවලට ප්‍රධාන දර්ශන වේලාවන් ලබාදීමට තීරණය කර ඇත. මධ්‍යස්ථ චිත්‍රපටවලට මැද වේලාවන්ද, ප්‍රමිතියට අනුගත නොවන නිර්මාණ ඉවත් කිරීමටත් එහිදී සැලසුම් කර තිබේ.
සිනමා කර්මාන්තයේ පැවැත්මට ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරන හොඳ නිර්මාණ අවශ්‍යය. 70 දශකයේදී විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය වැනි තරු රඟපාන චිත්‍රපට ජනප්‍රිය විය. එහෙත් අද වනවිට චිත්‍රපටවල තරු කෙරෙහි වූ ආකර්ශනය ඉවත් වී ගොසිනි. ඒ වෙනුවට කතාවේ සහ නිෂ්පාදනයේ ආකර්ශනීයත්වයට මුල්තැන ලැබී තිබේ. එහෙත් කනගාටුවට කරැණ නම් පසුගිය කාලයේ එවැනි ආකර්ශනයට ලක්වූ චිත්‍රපට තිරගත වූයේ ඉතා අඩු සංඛ්‍යාවක් වීමයි. සෝමරත්න දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි අධ්‍යක්ෂවරැන්ගේ චිත්‍රපට පසුගිය කාලයේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් බව පැවසිය හැකිය.
චිත්‍රපට කර්මාන්තයේ අර්බුදය ගැන විමසීමට අප මුලින්ම කතා කළේ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති බුද්ධි කීර්තිසේනටයි.
අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ප්‍රේක්ෂකයන් බලන්නට එන චිත්‍රපට නැතිවීම. ගම්බද සිනමාහල්වලට කොහොමටත් චිත්‍රපට නෑ. තුන්වැනි, හතරවැනි පෙළේ චිත්‍රපට තමයි තියෙන්නේ. සතියක්වත් දුවාගන්න බෑ. නිෂ්පාදකයන්ටත් ගැටලුවක් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මේ කාලය ටිකක් පහුවෙලා ජනතාව යථා තත්ත්වයට පත්වුණාම චිත්‍රපටය මුදාහරින්න. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි සිනමාහල් පවත්වා ගැනීමට සේවක වැටුප් ගෙවීමට, බදු ගෙවීමට විශාල මුදලක් වැයවීම. ප්‍රේක්ෂකයන් පැමිණියේ නැහැ කියලා ඒ වියදම් අඩුවන්නේ නැහැ. රජයෙන් සංචාරක කර්මාන්තයට විශාල සහන දෙන බව පේනවා. නමුත් සිනමා කර්මාන්තයට සහනයක් නෑ. අපිටත් යම් සහන රජයෙන් ලබාදිය හැකිය. සිනමාහල නඩත්තු කරගන්න ප්‍රමාණවත් වන තරමටවත් ආදායමක් එන්නෙ නැහැ.
සිනමාශාලා ඩිජිටල්කරණය වූ පසුව චිත්‍රපට ප්‍රදර්ශන ක්‍රමවේදය වෙනස් වුණා. මේ නිසා දර්ශනවාරවලට එකිනෙකට වෙනස් චිත්‍රපට 3-4ක් ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබුණා. ඉන් සිනමාවේ යම් වර්ධනයක් ලබමින් තිබූ අවස්ථාවක තමයි, මේ ප්‍රහාරය එල්ල වුණේ. හොඳ චිත්‍රපට නොලැබීම, තිබෙන චිත්‍රපට මුදා නොහැරීම වගේම හොඳ චිත්‍රපට නිෂ්පාදනය නොවීමත් නිසා සිංහල සිනමාවේ විශාල අඩපණ වීමක් තමයි දැකගත හැක්කේ. පසුගිය කාලයේ වුණේ විදේශීය සිනමා කෘති ප්‍රදර්ශනය වර්ධනය වුණා. දේශීය සිනමාව යට ගියා.
සිනමාව දැවැන්ත ලාබයක් ලබන කර්මාන්තයකි. ලෝකයේ බොහෝ රටවල එය එලෙසය. අසල්වැසි ඉන්දියාවේත් චිත්‍රපට කර්මාන්තය ධන ආකරයක් ලෙස සැලකේ. දිගු කලක් එරට තිබූ බොලිවුඩ් සිනමාවට අමතරව කේරළ සිනමාවද දැන් ජාත්‍යන්තර තත්ත්වයේ චිත්‍රපට නිෂ්පාදනයට අතගසා තිබේ. එහෙත් ලංකාව සිනමා කෘති ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වුවද නැරඹීමට ප්‍රේක්ෂකයන් පැමිණෙන්නේ නැත.
පසුගිය කාලයේ ප්‍රේක්ෂක ආකර්ශනයට ලක්වූ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න අප සමඟ ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.
මගේ අලුත්ම චිත්‍රපටය වන විජයබා කොල්ලය 90%ක් පමණ වැඩ නිමකරලා ජූනි-ජූලි වනවිට ප්‍රදර්ශනයට සූදානමින් සිටියේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිනමාවටද දැවැන්ත විදිහට බෝම්බයක් පිපිරැණා. සිනමාව වැටිලා තිබිලා යාන්තමින් ඔළුව ඔසවාගෙන පැමිණි කාලයක් තිබුණේ. බෝම්බය පිපිරීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වුණා. දැන් ආසන 150-200ක් තිබෙන සිනමාශාලාවක චිත්‍රපටයක් නැරඹීමට සිටින වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව 20ක් පමණ බවට පත්වෙලා. මෑතදී ප්‍රදර්ශනය කළ චිත්‍රපටයක සම්පූර්ණ ආදායම ලක්ෂ 50යි. තවත් චිත්‍රපටයක සම්පූර්ණ ආදායම ලක්ෂ 60යි. රැපියල් ලක්ෂ 50ක ආදායමින් නිෂ්පාදකවරයාට ලැබෙන්නේ ලක්ෂ 20ක වගේ මුදලක්. මේක දැවැන්ත පාඩුවක්. පුදුමය නම් ඉංග්‍රීසි චිත්‍රපටවලට මේ කඩාවැටීම බලනොපෑම. සතියකට පෙර මුදාහැරි ඇවෙන්ජර්ස්-එන්ඩ්ගේම් චිත්‍රපටය නැරඹීමට විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් ඇදී එනවා. මධ්‍යම රාත්‍රියේ පවා හවුස් ෆුල් දර්ශන තිබුණා. ඉංග්‍රීසි චිත්‍රපට නරඹන මධ්‍යම පාන්තික ජනතාවට බෝම්බ බියක් දැනෙන්නේ නැහැ. සිංහල සිනමා නරඹන්නන්ට පමණක් බෝම්බ බිය දැනෙන බවයි පේන්නේ.
පසුගිය කාලයේම අවුරුද්දකට සිංහල චිත්‍රපට 3-4ක් තමයි ආකර්ශනීය බවට පත්වෙලා මුදල් ඉපයූවේ. බොහෝ චිත්‍රපටකරැවෝ චිත්‍රපට ප්‍රදර්ශනයට අකමැති වෙලා ඉන්නේ මේ බිලිපූජාවට ලක්වීමට අකමැති නිසා. විජයබා කොල්ලය චිත්‍රපටය ප්‍රදර්ශනය ගැනත් අපි හිතමින් ඉන්නේ. ඉදිරියේදී ප්‍රදර්ශනය වන ආකර්ශනීය චිත්‍රපට 3-4කින්වත් මේ තත්ත්වයෙන් ගොඩඒමට සිනමාවට හැකිවේවායයි අප සිතනවා.
ප්‍රේක්ෂකයා සිනමාශාලාවට ගෙන්වාගත හැකි ආකර්ශනීය චිත්‍රපට බිහිවිය යුතුයි. එවිට තමයි ප්‍රේක්ෂකාගාරය ස්ථාපිත කරගත හැකිවන්නේ. චිත්‍රපට කීපයක්ම ප්‍රදර්ශනය විය යුතුයි. එක චිත්‍රපටයකට මේක ඇදගෙන යන්න අමාරැයි. එහෙම වුණොත් තමයි ගැප් රිලීස් වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන හොඳ සිනමාකෘතිවලටත් ප්‍රේක්ෂකයන් ඇදී එන්නේ.
චිත්‍රපට කර්මාන්තයට ඇතිවූ පසුබෑම නිෂ්පාදකයන්ටද බලපා ඇත්තේ ඉතා නරක අන්දමටය. චිත්‍රපට වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නේ ඔවුහුය. අප චිත්‍රපට නිෂ්පාදක, සරසවි ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමසිරිට කතා කළේ ඒ ගැන ඔහුගේ අදහස දැනගැනීමටය.
මේ දවස්වල සිනමාශාලාවලට එන නරඹන්නන් සංඛ්‍යාව අඩුවෙලා බව ඇත්ත. නමුත් මේ කලබල අස්සෙත් සමහර ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන් එනවා. ඒකට හේතුව ඒවා ආකර්ශනීය මට්ටමක පැවතීමයි. මම හිතන්නේ සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට කැමැත්ත ඇතිවන පරිදි චිත්‍රපට නිෂ්පාදනය කළ යුතු බවයි. ඉදිරියේදී මේ තත්ත්වය සමනය වේවි කියලා අපි හිතනවා. අපි සුබවාදීව හිතනවා. අපි සිනමාව අතහැරලා නෑ. අපේ චිත්‍රපටවල වැඩ ඉදිරියටත් කරගෙන යනවා.
චිත්‍රපට රසවින්දනයද මෙහිදී සලකා බැලිය යුතු කරැණකි. බෝම්බ බිය අස්සේ හොඳ චිත්‍රපට කිහිපයක්ම නැරඹීමට තිබූ අවස්ථාව නරඹන්නන්ට අහිමිව ගියේය. දැන් සිංහල සිනමා ප්‍රේක්ෂකයනුත් ගෙදරට වී රෑපවාහිනිය දෙස බලා සිටීම අතහැර සිනමා රසවින්දනය විඳගැනීමට යළිත් සිනමාශාලා වෙතට යා යුතුය. පසුගිය කොටි ත්‍රස්තවාදී බිය පැවති කාලයේ වුවද මෙවැනි කඩාවැටීමකට සිනමාව ලක් නොවීය. ඒ කාලයේ හොඳ චිත්‍රපට රාශියක් ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා අපට මතකය.
කුසුම්සිරි