2017 වසරේ පළමු පාසල් වාරය ඇරඹී සති දෙක තුනක් ගතවෙත්ම උතුරු මැද අධ්‍යාපන සංවර්ධන අරමුදල තරකිරීමට යැයි පවසමින්, රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයි පත් මෙවරද පළාතේ සියලුම පාසල් වෙත මුදාහැර තිබුණේ මව්පියන් ලවා අලෙවි කරවීමේ නියෝගයද සමඟිනි. ඉකුත් 2015 සහ 2016 වර්ෂවලදීද විවිධ දෝෂාරෝපණ හා විවේචන මධ්‍යයේ මේ කාර්යය සිදුවූ අතර, අවසන එවර දරුවන් ලවා එකතු කොටගත් මුදල් කවර කටයුතු සඳහා යෙදවුවේද යන්න පිළිබඳව නිවැරදි තොරතුරක් මේ වනතුරුත් නැති බවට මව්පියන් චෝදනා නගති. එවැනි පසුබිමක මේ කාර්යයේ ඇති විනිවිදභාවය සහ සාධාරණත්වය ඔවුහු ප‍්‍රශ්න කරති.
පළාතේ පාසල් 800 කට වැඩි ප‍්‍රමාණයක් ඇති අතර, ආසන්න වශයෙන් දෙලක්ෂ හැත්තෑදහසක සිසු දරුවෝ එම පාසල්වල අධ්‍යපනය හදාරති. ඒ අනුව මෙවරද කලාප හා කොට්ඨාස අධ්‍යපන අධ්‍යක්ෂවරැන් මාර්ගයෙන් විදුහල්පතිවරුන් වෙත එවා තිබූ ලොතරැයිපත් දරුවන් කේන්ද්‍රීයව මව්පියන් ලවා අලෙවි කරවීම පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ උපාය වී තිබිණි. එක් දරුවකු වෙනුවෙන් රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් පහක් සහිත පොතක් අලෙවි කිරීමට නියම වී තිබිණි.
අනුරාධපුර නගරයේ සමහර පාසල්වල විදුහල්පතිවරුන් මව්පියන් පාසලට ගෙන්වා ලොතරැයිපත් ඔවුනට භාරදී ඇත්තේ පැයක හමාරක කරුණු පහදා දීමකින්ද පසුවය. එහෙයින්ම කිලෝමීටර් තිහ, හතළිහ දුර ගෙවා පැමිණි සමහරකුට ඒ වෙනුවෙන්ම දවස ගෙවන්නට සිදුව ඇත. ගම්බදව පවතින බොහෝමයක් පාසල්වල විදුහල්පතිවරුන් දරුවන් අතට ලොතරැයිපත් දී ඇත්තේ ලොතරැයිපත් කඩිනමින් අලෙවි කොට මුදල් පංතිභාර ගුරුවරුන් වෙත භාරදිය යුතුය යන දැනුම්දීමද සහිතවය. සමහර විදුහල්පතිවරුන් උදෑසන රැස්වීමේ දී පවා ලොතරැයි පත් අලෙවි කළද නැතද මුදල් ගෙනවිත් භාරදෙන ලෙස දරුවන්ට දන්වා ඇති බවද මව්පියෝ පවසති.
මේ හැම මෙසේ සිදුවනුයේ පාසල් ළමුන් මගින් අලෙවි කිරීම සපුරා තහනම් යන්න ලොතරැයිපතේ කොණක මුද්‍රණය කොට තිබියදීය. එය හුදු මුද්‍රාවක් නොඑසේ නම් මුලාවක් පමණක්ම වී ඇත. ලොතරුයි අලෙවියේ දී පමණක් ඈත ගම්මැදිවල අතිශය දුෂ්කර පාසල්වලටත් නගරයේ සුපිරි යැයි පිළිගත් පාසල් වලටත් එකම හැන්දෙන් බෙදීමට තරම් බලධාරීන් නොමසුරු වී ඇති බවද මව්පිෙයා් කියති.
අඩු ආදායම්ලාභි දරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදාදීමට මෙම ලොතරැයිපත් අලෙවිය සිදුකරන බව පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශය පවසන කරුණ වී තිබේ. උතුරු මැද පළාතේ කුසලතා සපිරි හා ආර්ථික අපහසුතා සහිත දරුවන්ට අභියෝග ජයගැනීම උදෙසා සිදුකරන සමාජ සත්කාරයක් ලෙස ඔවුහු මෙය හුවා දක්වති. මෙමගින් ඉපැයෙන සෑම සතයක්ම පළාතේ කුසලතා සපිරි හා දැඩි ආර්ථික අපහසුතා සහිත දරුවන්ට සිය අභියෝග ජයගැනීම උදෙසාම යොදවන බවට ඔවුහු පවසති.
කරුණු එසේ වුවත් මෙවර ලොතරුයිපත් අලෙවිකොට ආදායම් ඉපැයීමට මත්තෙන් ඉකුත් වසරේ මේ අන්දමින්ම ලොතරැයිපත් අලෙවිකොට සිදුකළේ කවරක්ද යන්න හෙළිදරව් කළ යුතුව ඇති බව මව්පියන් පවසති. කොපමණ ලොතරැයිපත් ප‍්‍රමාණයක් අලෙවි කළේද? ඉන් කොපමණ මුදලක් උපයා ගත්තේද? මුදල් මගින් සිදුකළේ කවරක්ද? යන්න ඉතා සවිස්තරව සහ නිරවුල්ව දැනගැනීමේ අයිතිවාසිකමක් පළාතේ පුරවැසියන්ට ඇති වග නොකියමනාය. මක්නිසාදයත් කවර හෝ පදනමකින් එසේ එකතු කරගනු ලැබූයේ ඔවුනගේ මුදල් වන බැවිනි. උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරියට ඒ වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක වගකීමක් ඇත.
මෙතරම්ම හැඟීමක් පළාතේ අසරණ දරුවන් කෙරෙහි මෙපුර නිලබලධාරින්ට ඇත්තේ නම් ඔවුන් මහ ඉහළින්ම තොරොම්බල් කරන මෙම අධ්‍යාපන සංවර්ධන අරමුදලට පළාතේ අධ්‍යාපනය හා සම්බන්ධ හැම දායක කරගැනීමට ඇති බාධාව කවරක්දැයි මව්පියෝ අසති. අධ්‍යපන සංවර්ධන අරමුදලට තර කිරීමට යැයි පවසා පෞද්ගලිකව මුදල් දුන් දේශපාලනඥයකු හෝ නිලධාරියකු ගැන තවමත් අප දන්නේ නැත. ගුරු ප‍්‍රජාව හෝ කාගේ කාගෙත් දේශපාලනික ඕනෑ එපාකම් අනුව බඳවාගත් කාර්යාල කාර්ය සහායකින්, පුස්තකාල හා විද්‍යාගාර සහායකින් හෝ මුරකරුවන් දරුවන්ගේ හෙට දවස උදෙසා ලොතරැයිපත් අලෙවි කළ වගක්ද කිසිවෙක් දන්නේ නැත.
මතුව ඇති නියඟය හේතුවෙන් බොහෝදෙනෙක් කළ වගාවද අළු, දූලි වී ඇති පසුබිමක පළාත් අධ්‍යාපන බලධාරින්ගේ නිගමනයට අනුව රුපියල් සියයක් ලබාදීමට තරම් අපහසුතා ඇති කවරෙකු හෝ මෙහි ඈත ගම්මැදිවල සිටිය නොහැකිය. වගකිවයුත්තන්ගේ නිගමනය කවරක් වුවත්, කොතෙක් දුෂ්කරතා පැවතියද රුපියල් සියයකට තම දරුවන් හෑල්ලුවෙනු දැකීමට සාතිශය බහුතරයක් දෙමව්පියන් අකමැතිවෙනවා නිසැකය. එහෙත් අහිංසකයින් වෙතින් බලහත්කාරීව එකතු කරගන්නා මේ මුදල් කවර නම් විනිවිදභාවයකින් යුතුව භාවිත වන්නේද යන්නට කිසිවකුත් මෙතෙක් නිසි පිළිතුරක් දී නැති පසුබිමක, මේ සම්බන්ධව මුනිවත රුකීමට වෙනත් කිසිදු සාධාරණ හේතුවක්ද නැත.
දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට විවිධ දුෂ්කරතා සපිරි මව්පියන් හා දරුවන්ව කඩේ යවන පළාත් අධ්‍යාපන බලධාරින් ජාතික ධනය බිලියන ගණනින් වැයකොට ඉකුත් වකවානුවේ රට සවාරි ගිය නිලබලධාරින් ගැන කිසිවක් කියන්නේද නැත. පළාතේ දරුවන් පිළිබඳව එතරම්ම කැක්කුමක් ඇත්තේ නම් එම ඵල විරහිත, ව්‍යාජ රට සවාරි වලට යටවූ මුදල් දරුවන් වෙනුවෙන් වැය කිරීමට තිබූ බාධාව කවරක්දැයි මව්පියෝ ප‍්‍රශ්න කරති. කරැණු එසේ තිබියදී සමහර තැනෙක පුටු මේස හදාදීමේ සිට පන්ති කාමර ප‍්‍රතිසංස්කරණය කරදීම දක්වා කුදු මහත් කාර්යන්ට දායකවන මව්පියන්ටම පළාත් අධ්‍යපන බලධාරින්ගේ සිතැඟිවලට පණ දෙන්නට තනිවම දර දිය අදින්නට සිදුවීම ඔවුනගේ දෝෂදර්ශනට හේතුවී තිබේ.
දුෂ්කරතා සහිත දරුවන් සඳහා අතදීම නොකළ යුත්තක් යැයි කිසිවකු නොපවසනු ඇත. එහෙත් ඒ උදෙසා දියත්වන කවර හෝ වැඩපිළිවෙළක ඇති විනිවිදභාවය සහ සද්භාවය ප‍්‍රශ්න කිරීමේ අයිතිය එනිසාම අකුලා ගත යුතු යැයි කිසිවකුට පැවසිය හැකිදැයි අප දන්නේ නැත. මෙහිදීද එය එලෙසම සාධාරණ වන වග පළාත් අධ්‍යාපන බලධාරින් වටහා ගත යුතුව ඇත. දරැවකුට පැන්සලක්, පොතක් දී මාධ්‍ය මත කරණම් ගසන බලධාරින්ට ලොතරුයි අලෙවිය මගින් උපයා ගත් මුදල් පිළිබඳ ඇති තතු ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට පවතිනුයේ කවර නම් කවර නම් බාධාවක්දැයි ප‍්‍රශ්න කළ යුතුව තිබේ.
උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා වෙතින් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසූයේ ලොතරුයි පත් අලෙවිය මගින් උපයන මුදල් අවභාවිත වීමට කිසිදු ඉඩක් නොමැති බවය. එකතුවෙන සෑම සතයක්ම පළාතේ අඩු අදායම්ලාභි දරැවන්ගේ සුභසාධනය සඳහා යෙදවෙන බව හෙතෙම පැවසීය. අනවබෝධයෙන් යුතු විදුහල්පතිවරැන් දරැවන් වෙත ලොතරුයිපත් ලබාදීම මගින් යම් ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවද ප‍්‍රධාන අමාත්‍යවරයා කීය.
සටහන හා සේයාරූ -
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග