ග්‍රහයින් පෙරළි කරන වසරක් යන මැයෙන් ජ්‍යොතිෂ ලිපියක් පසුගිය 2019 අප්‍රේල් 14 වැනිදා දේශය පුවත්පතට මා සැපයූ බව සිහිපත් කරමි. එයින් දක්වා ඇත්තේ සූර්ය වසර ගැනයි. සූර්ය වසරක් කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ සිට දින 365යි පැය 06යි විනාඩි 09 තත්ත්පර 12ක් ගත කරන කාල පරාසයටයි. අප භාවිත දින දර්ශනයට අනුව 2019 අප්‍රේල් 14 ඉරැ දින සවස 02.09ට උදාවී 2020 වසරේ අප්‍රේල් 13 සඳු දින රාත්‍රී 8.21ට එම වසර අවසන් කරයි. ලෝකායන ජ්‍යොතිෂයට අනුව සූර්ය වර්ෂයක් උදාවන මොහොතේ පවතින ග්‍රහචාරය ඉතා වැදගත් වේ. එසේ වැදගත් වන්නේ ඒ ඒ රටවල පවතින තත්ත්වය මත සිදුවන්නට තිබෙන සිදුවීම් කල් ඇතිව දැනගැනීම හා විපත් පවතී නම් එයින් රට මුදවාගැනීමට හෝ විපත් අවම කිරීම සඳහා කටයුතු කිරීමට හැකි වීමයි. මෙහිදී රටක පවතින තත්ත්වය යනුවෙන් හඳුන්වන්නේ ග්‍රහයන් අභිබවා යන මනසක් සහිත ජන සමාජය මගින් නිර්මාණය කරගත් පරිසර තත්ත්වයන්ටයි.
ඉතා ඈත අතීතයේ පටන් අපේ රටේ පැවති හා දැනටත් පවතිමින් යන අවුරුදු උත්සවයේ වැදගත්ම අංගය නම් වසර උදාවත් සමඟ සකස් කරන නැකැත් පත්‍රයයි. ශුභ මුහුර්ථයන් නොවන එහෙත් රටේ යහපතට හෝ අයහපතට වර්ෂ උදා ග්‍රහචාරයෙන් දක්වන ඉදිරියෙහි ඇතිවන්නට තිබෙන විනාශයන් අවම කර ගන්නට මෙම නැකැත් පත්‍රය වැදගත් බව කිව යුතුයි. ශුභ මුහුර්ථයක් නොවන යන්නෙන් අදහස් කරන්නේ සූර්ය සංක්‍රාන්තියේ අපර කොටසට අයත් පැය 6ක කාලයක් තුළ ඒ ඒ කටයුතු ආරම්භ කිරීම සඳහා සකස් කළ වේලාවන්වලටයි. වර්තමානයේ මේවා ගැන විවිධ මත පළ කළත් මුළු මහත් ජාතියක් එකම මොහොතක විශ්වයට මුදාහරින යහපත් සිතුවිලි පෙරළා අපට විශ්වයෙන් වාසනාවක් ගෙන දීමට සමත් වෙයි.
සූර්යයා ඇතුළු සියලුම ග්‍රහයන් මුදුන්වන රටක් වන්නේ ශ්‍රී ලංකාවයි. ලෝකායන ජ්‍යොතිෂයට අනුව මේ රට අයිති මකර රාශියටයි. සමහරැ මෙය කුම්භ රාශිය හැටියටත් සලකති. කොහොම වුණත් මේ රාශි දෙකටම අධිපති සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපේ රටට විශාල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. සෙනසුරු යනු යථාර්ථය අවබෝධ කරන දුක අවබෝධ කර දෙන ග්‍රහයෙක් වේ. සෙනසුරුට රාශි චක්‍රය වටා එක වටයක් යාමට වසර 30ක් ගතවෙයි. සෙනසුරු සමඟ කේතු ග්‍රහයා සංයෝග වූ කල කිසියම් ගුප්ත බවක් හෝ මානසික ප්‍රශ්නයක් මෙම සංයෝගය ඇති ජන්ම පත්‍ර හිමි ජන්මීන්ට තිබේ. (එකම රාශිය තුළ මෙම ග්‍රහයන් දෙදෙනා සිටි පමණින් එය සංයෝගයක් නොවේ.)
අපේ රට ගුප්ත බලපෑම්වලින් ගහණ රටකි. අපේ රටේ රජවරැන් මෙය දැනගෙන සිට ඇත. අතීත සිදුවීම් පිළිබඳ ගවේශනය කිරීමේදී මේ බව තහවුරු වේ.
අපේ රට සශ්‍රීකයි. හැම අතින්ම ස්වයංපෝෂිතයි. ගිනි කඳු, නායයාම්, සුළිසුළං, භූ චලන ආදී විපත් නැති එකම රට හැටියට මුළු ලෝකයම පිළිගෙන තිබුණු රට අපේ රට වේ. එහෙත් එවැනි රටක පාලනයට නුසුදුසු නොගැලපෙන තම බලය හා වරප්‍රසාද වෙනුවෙන්ම ක්‍රියා කරමින් වැජඹෙන ආත්මාර්ථකාමීන් පිරිසක් සිටින විට තත්ත්වය අයහපත් බවට හැරේ. ඔවුන් ජන සමාජයේ මිනිස් සිත්වල ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් වපුරා ජනතාවගේ කැමැත්ත ලබාගෙන රටේ පාලන බලය ඩැහැගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රට ක්‍රමයෙන් අගාධය කරා පියනගමින් තිබේ. සූර්ය සංක්‍රමණ මොහොතේ පවතින ග්‍රහචාරයෙහි කිසියම් අහිතකර තත්ත්වයක් පෙන්වුවත් රටේ පාලකයන්ගේ යහපත් ක්‍රියා කලාපය මත හා ජන සමාජයේ හැසිරීම තුළ අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකියාව තිබේ. එසේ නොමැති අවස්ථාවක සිදුවන්නට තිබෙන අයහපත් කරැණු මොනවාද යන්න 2019 අප්‍රේල් 14 සූර්ය සංක්‍රාන්ත මොහොතේ පැවති තත්කාල වේලාවට අපේ රටට මොකද වෙන්නේ යන්න ග්‍රහයන් පෙරළි කරන වසරක් යන තේමාව යටතේ සඳහන් කෙරුණි.
එය මෙසේ විය.
මෙම වසරේ ජන ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරු වන පරිසරයක් නිර්මාණය වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියවුල් රාශියක් හටගනු ඇතැයි අපේක්ෂිතය. උද්ඝෝෂණ හා අර්බුද ඇති කරන කාලයකි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේද කැළඹිලි ඇති කරයි. සන්නිවේදන මාධ්‍ය ජාලයන්හි ගැටලු ඇතිවන අතර ඒ සඳහා දැඩි නීති රීති පනවන්නට පාලකයන්ට සිදුවෙයි. විදෙස් සම්බන්ධතාවයන් බිඳවැටෙන අතර බුද්ධිමතුන් රට හැර යාමේ ප්‍රවණතා ඇති කරයි. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන අතර වසංගත රෝගවලට ගොදුරැ වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. කෙසේ වෙතත් ජනතාවගේ සිතුම් පැතුම්වල කිසියම් අවබෝධාත්මක බවක් මතු කරයි.
මෙම කාරණා ඉදිරිපත් කරන්නට පාදක වූ ජ්‍යොතිෂ කරුණු අතරින් ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූයේ සංක්‍රාන්ති මොහොතේ පැවති තත්කාල සටහනේ ධනු රාශියේ අංශක 22 හි සෙනසුරැ හා කේතු යන ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගයයි. ඊට අමතරව ඒ හා බැඳුණු තාජික සිද්ධාන්ත භාවිතයි.
2019 ජූලි මාසයේ පුදුමය දනවන ග්‍රහ පිහිටීම් කිහිපයක් ඇතිවනු ඇත. එකක් වන්නේ ජූලි 2 වැනි අමාවක දින රාත්‍රී 12.54ට සිදුවන පූර්ණ සූර්යග්‍රහණයයි. අපේ රට විදේශික බලපෑමකට යටත් වේදෝයි යන්න මෙම ග්‍රහණයේ විපාකයන් කියාපායි. රහසේ සිදුවන ගිවිසුම්, අපරාධ පාවාදීම් ආදියට බලපෑම් කරන්නට 2019 සංක්‍රාන්ති මොහොතේ ශනි කේතු එකම අංශකයේ ධනු රාශියේ 26 වැනි අංශකයේ පැවතීමත් ඒ සමඟ මාස 3ක් සපිරෙන්නට කලින් එනම් ජූලි 2 වැනිදා ධනු රාශියට සප්තවම මිථුන රාශියේ සිදුවන මෙම ග්‍රහණය ධනු රාශියේ 23 වැනි අංශකයේ ශනි හා කේතු සංයෝගය පවතින නිසාත් පාලන තන්ත්‍රයේ අර්බුද රුසක් සිදුවන්නට නියමිතයි. පාලන තන්ත්‍රය තුළ ඉතාමත් බරපතළ ගණයේ අර්බුද රැසක් ඇතිකරන්නට සමත් මෙවැනි ග්‍රහ පිහිටීමක් 1814 වර්ෂයේ පැවතුණි. ඒ 1814 අප්‍රේල් 11 සූර්ය සංක්‍රාන්ති මොහොතේ පැවති ග්‍රහචාරයත් එම වසරේම ජූලි 17 වැනිදා ඇතිවූ සූර්යග්‍රහණ මොහොතේ පැවති ග්‍රහ පිහිටීමත් රටේ අනන්‍යතාවයට තර්ජනයක් මතු කරන්නට හැකිවූ බව සිහිපත් කළ යුතුය.
1814 අප්‍රේල් 11 රාත්‍රී 1.00 සූර්ය සංක්‍රාන්ති ග්‍රහචාරය
මෙම වසරේදී රට අධිරාජ්‍යවාදීන්ට නතුවීමේ තර්ජනය උද්ගත වූ අතර රට විදේශිකයන්ට පාවාදීමේ උඩරට ගිවිසුම 1815 දී අත්සන් කරන්නට සිදුවූ අතර එවකට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලායාමද අනතුරැව ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට ගෙන රටින් පිටුවහල් කිරීමද සිදුවිය. ඇහැලේපොළ රාජද්‍රෝහියකු ලෙස සලකා කුමාරිහාමි ලවා දරැවන් වංගෙඩියේ ලා කොටා මැරීමද සිදුවිය. මෙවැනි විශාල ඛේදවාචකයන් සිදුවූ 1814 ග්‍රහ පිහිටීමට සමාන ග්‍රහ පිහිටීමක් 2019-04-14 දින ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ඇති අතර එම වසරේ ජූලි 02 දින සූර්යග්‍රහණයක් සිදුවීමටද නියමිතය.
2019 අප්‍රේල් 14 දවස් 2.09 සූර්ය සංක්‍රාන්ති ග්‍රහචාරය
තවත් විශේෂ දෙයක් නම් 2019 ජූලි 2 වැනි ග්‍රහ පිහිටීමට අනුව එදිනට ආසන්නයේ ජල ගැලීමක්, නායයාම්, භූ චලක, සුළිකුණාටු, මහ වැසි ඇතිවන කාලයක් වන බවය.
මේ අනුව අපට ස්ථිර ලෙසම පැවසිය හැක්කේ 2019 වර්ෂයේදී සහ එයට ආසන්න කාල වකවානුවලදී ශ්‍රී ලංකාව තුළ 1814-15 කාලයේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලට සමාන විෂම දේ සිදුව බලාපොරොත්තු නොවූ අයහපත් ක්‍රියා රුසක් අත්විඳින්නට සිදුවන බවය. ඒ පිළිබඳ මුළු රටවැසියාම අවදියෙන් සිටිය යුතු කාලය ළඟා වී ඇත.
සාම විනිසුරු වෛද්‍ය
ඩබ්ලිව්. තිලක් ද සිල්වා