Jetwing සමාගමේ නවතම ව්‍යාපාරය මේ වසර අවසානයේ මහනුවරදී විවෘත වීමට නියමිතයි. ඒ නමින් jetwing kandy galary වේ.
මහනුවර, හාරගම පාර, ගුරුදෙණිය ප්‍රදේශයේ අක්කර 1.9ක වපසරියක් පුරා පැතිරුණු හෝටලය කාමර 26කින් සමන්විතයි. දේශීය සැරසිලිවලින් අලංකාර වූ නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ මෙම කාමර උදෙසා පෞද්ගලික සේවකයන් ද යොදවා තිබීම විශේෂයි. එමෙන්ම මේ අතරින් පෞද්ගලික බැල්කනි සහිත, නකල්ස් කදු හා මහවෙලි ගංගාවේ අපූරු දසුන් නෙත ගැටෙන සුවිශේෂී කාමර කිහිපයක් ද ඔබට දැකගත හැකි වේවි.
එමෙන්ම ප්‍රවීණ සූපවේදීන් අතින් නිමැවෙන දේශීය ආහාර වර්ග ප්‍රධාන කරගත් අපූරු ආහාර මෙනුවක් ඔවුන් ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා.
ලාංකික ඉතිහාසයේ අවසාන රාජධානිය වන මහනුවර වනාහී සංස්කෘතික, ආගමික, වාස්තුවිද්‍යාත්මක උරුමයන්ගෙන් පූර්ණ වූ භූමියක්. එවැනි බිමක සිට සංචාරකයන්ට දේශීය ආගාන්තුක සත්කාර විඳිමින් සුඛෝපභෝගී නිවාඩුවක් ගතකිරීමට jetwing kandy Galary අපූරු ස්ථානයක් වේවි.
තට්ටු 4කින් යුතුව නිර්මාණය වන මෙම හෝටලය ප්‍රසිද්ධ ගෘහනිර්මාණ සමාගමක් වන pilip weeraratne associates මගින් නිර්මාණය වූවක්. ඉතින් දේශීයත්වය නිරූපණය වන විවිධ කලානිර්මාණයන් බලා රසවිඳින්නත් නිස්කලංක නිවාඩුවක් ගතකරන්නන්ටත් ලබන වසරේ සිට අපූරු නවාතැනක් ඔබට හමුවේවි.
සනත් වීරසූරිය