2019 ජුනි 29 වන සෙනසුරාදා

පොල් සම්බෝලයි රෝස්පානුයි නම් ඉතින් Upali’s ම තමයි තවත් රස කෑම ගොඩක්!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

මෙවර මම ගියේ කොළඹ 7  පිහිටල තියෙන දේශීය ආහාර අවන්හලකට. වසර පහක් පුරා විශිෂ්ටතා සහතිකයකින් පිදුම් ලබන ඔවුන් තමයි Upali’s කියන්නෙ. විදේශිකයන් අතර පවා ප්‍රසිද්ධ Upali’s සැබැවින්ම නියම දේශීය ආහාරවල රසය ඔබට තිළිණ කරනවා. විශේෂයෙන්ම ඔවුන් යොදාගන්නා කුළුබඩුවල රහස නිසාදෝ ඔවුන්ගේ ආහාරවල අපූරු ආවේණික රසයක් දැකගන්න පුළුවන්. රසය ගැන විතරක් නෙවෙයි, ඔවුන්ගේ ආහාරවල තත්ත්වය ගැනත් සහතිකයක් දෙන්න පුළුවන්.

පවුලෙ අය වගේම යාළුවො එක්කත් එකතුවෙලා ආහාර ගන්න පෞද්ගලික හෝ විවෘත වටපිටාවක්  ඔබට ලබාදෙන අපූරු තැනක්. කොහොම වුණත් නිතරම වගේ අපේ තේරීම වුණේ  විහාර මහා දේවි උද්‍යානයේ දර්ශනයක් සහිත අසුනක්.

උපාලි ධර්මදාස යනු දක්ෂ සූපවේදියෙක්. ඔහුගේ ආහාර රසවිඳපු මිතුරන් හා නෑයන්ගේ ඉල්ලීම අනුව තමයි මේ Upali’s අවන්හල නිර්මාණය වෙන්නෙ. මෙම ව්‍යපාරයේ දී ඔහුගේ සහයකයා වෙන්නෙ හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වසර 35ක පමණ අත්දැකීමක් සහිත David cruse නැමති ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඔස්ට්‍රේලියානුවන් ලාංකීය ආහාරවලට ප්‍රියතාවයක් දක්වන බව තමයි අපිට හැඟී ගියේ. සාමාන්‍යයෙන් ඔවුන් සාම්ප්‍රදායික දේශීය ආහාර පමණක් පිළිගැන්වුවත් පොල් සම්බෝල එක්ක රෝස් පාන් කන්න නම් Upali’s අවන්හලට වඩා හොඳ තැනක් නැති තරම්. 

ඔවුන්ගේ විශාල මෙනූ පේළියේ වැඩියෙන්ම අලෙවි වන ආහාර වර්ග මට රස බලන්න හැකි වුණා. Mutton varuwal, jaffna crab carry, fish head curry, halawatha chicken curry, roast paan, hoppers, hatmaluwa, pol sambole, polos cutlets, prawn varuwal, seafood kottu, crab paratha, prawn pol roti, watalappan, biscuit pudding, fresh fruits  ඒ අතර වුණා. ඒවා සැබැවින්ම රසවත්. විශේෂයෙන්ම ඔබ රොටිවලට කැමැති කෙනෙක් නම් seafood kottu, crab paratha සහ prawn pol roti රසවිඳිය යුතුමයි. ඔවුන්ගේ නිර්මාංශික ආහාර වර්ගත් අපූරුයි. ඉදිරි වසර කිහිපය අතුළත UK, Mumbai සහා Male දක්වා ඔවුන්ගේ අවන්හල් ව්‍යප්ත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබත් අපේ කෑමක් අපේ රහට රස විඳින්න Upali’s අවන්හලට ගොඩවදින්න.

 ධනූ 
You’re my favorite