පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වූ වකවානුවක වුවද බොහෝ සංචාරක ආයතන සුභවාදී ආකල්ප සහිතව වෙහෙස වෙමින් සිටී.
දකුණුකරයේ වනජීවී සංචාරකයන්ට සුවිශේෂී වූ ප්‍රදේශයක නිර්වාණවු Shangri-la Hambantota resort and spa පවතින බාධක මධ්‍යයේ වුවද තම තෙවැනි සංවත්සරය සැමරුවේය. Shangri-la හෝටල් සමූහයේ පළමු ලාංකික හෝටලය වන Shangri-la Hambantota අක්කර 145ක පැරණි පොල් රුප්පාවක නිර්මාණය වූවකි. ගොල්ෆ් ක්‍රීඩාව සුවිශේෂී වූ මෙබිමේ Rodney wright ලෝකප්‍රකට නිර්මාණකරුවා අතින් නිමැවූවකි. ගොල්ෆ් සිදුරු 18කින් සමන්විත ගොල්ෆ් පිට්ටනිය අමෙරිකා එක්සත් ජනපද ගොල්ෆ් සංගමයේද ශ්‍රේණිගත වූවකි. ආධුනික ක්‍රීඩකයන් හා ප්‍රවීණයන් යන ඕනෑම අයකුට උචිත මෙබිමේ සිට දකුණු වෙරළේ දිය රැලි දැකගන්නටත් හැකිය.
සංවත්සරයට සමගාමීව 28, 29 දෙදින තුළ ජාත්‍යන්තර ගොල්ෆ් තරගාවලියක් ද පැවැත්විණි. ක්‍රීඩකයන් හට අවශ්‍ය ක්‍රීඩා උපාංග අලෙවියත් මෙහිදී සිදුවෙයි. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට ප්‍රණීත ආහාරපාන රස විඳිමින් ක්‍රීඩා කිරීමට සියලු පහසුකම් තිබේ. එමෙන්ම ආයුර්වේද spa තුළින් ශරීරයට සැහැල්ලුවක් එකතු කර ගැනීමේ හැකියාවත් ඇත. ඕනෑම සංචාරකයකුට නිස්කලංක නිවාඩුවකට අපූරු ස්ථානයක් වන Shangri-la Hambantota සුඛෝපභෝගී කාමර 300කින් සමන්විතය. පොඩි දරුවන් වෙනුවෙන් වෙන්වුණු cool zone kids club අපූරු තැනකි.
මේ වසරේ 3 වැනි සංවත්සරය සැමරූ Shangri-la Hambantota ගොල්ෆ්වලට ආදරය කරන අයට මෙන්ම ඕනෑම සංචාරකයකුට අපූරු නවාතැනකි.
I සනත් වීරසූරිය