මුහුදු මට්ටමින් අඩි 1950ක් උසින් යහලතැන්න කුඩා වනාන්තරය තුළ සෞම්‍ය හරිතවත් වටපිටාවක පිහිටන Tree of Life හෝටලය නම් සැබැවින්ම ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය කියා දෙන සුන්දර නවාතැනකි. අක්කර 700ක පමණ තේවතු යායකට මායිම් වූ, යටත්විජිත සමයේ ගෘහනිර්මාණ ආරක් උසුලන හෝටලය විදේශීය වැවිලිකරුවකුගේ බංගලාවක් නවීකරණය වී නිර්මාණය වූවක් ලෙස සැලකෙයි.
1996 දී ආරම්භ වූ හෝටලය අද වනවිට සියලු නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාමර 47කින් යුක්තයි. විශේෂයෙන් නවීකරණය කරන ලද යටත්විජිත බංගලාව තුළ වැඩිහිටි සංචාරකයන් 10 දෙනකුට
පහසුකම් සහිතයි. Tree of life hotel හී ආහාරපාන ගැනත් කතා නොකරම බැහැ. මෙහිදී දේශීය, ආසියානු, බටහිර ආහාර් ඔබේ රුචිකත්වය අනුව රස විඳින්න හැකියි. ඒ අතරින් ඔවුන් ඉදිරිපත් කරන la-carte මෙනුව විශේෂයි. එය ඉතාලි, ඉන්දියානු, තායි සහ චීන ආහාර වර්ගවලින් නිර්මාණය වූවකි. කෙසේ වෙතත් ඔවුන් පවසන විදිහට සංචාරකයන් වඩාත්ම කැමැත්තක් දක්වන්නේ සාම්ප්‍රදායික දේශීය ආහාරවලටයි.
Tree of life hotel හි තවත් සුවිශේෂීත්වයක් වන්නේ එය මහනුවර පවතින සාම්ප්‍රදායික ආයුර්වේද සත්කාරක මධ්‍යස්ථාන අතුරින් එකක් වීමයි. එය නමින් ‘Aru-wellness village’.
මෙහිදී වෛද්‍ය කහඳවෙල මහතා යටතේ සංචාරකයන්ට ආයුර්වේද සත්කාර ලබාගැනීම හැකියි. සැබැවින්ම මේ සෞම්‍ය පරිසරයේ සිට සිතත් ගතත් එක සේ සැහැල්ලු කරගන්න Tree of life හී ලැගුම්ගන්න ඔබට හැකියාව ලැබෙනු නොඅනුමානයි.
මධුසමය ගත කරන්න, පවුලේ අය සමඟ නිස්කලංක නිවාඩුවක් ගත කරන්න වගේම පරිසර ආශ්රිත විවිධ ක්‍රියාකාරකම්වලට ප්‍රිය කරන සංචාරකයන් අතර Tree of Life යනු සිත්ගන්නා නවාතැනකි. විශේෂයෙන්ම මෙය කඳු නගින්න, වනාන්තරවල ඇවිදින්න, පක්ෂීන් නරඹන්න කැමැති සංචාරකයන්ට සුවිශේෂී ස්ථානයකි. නකල්ස්, හන්තාන ආදී බොහෝ තැන්හි සංචාරය කරමින් කඳුකරයේ ජෛව විවිධත්වය අත්විඳින්නටත්, ඇම්බැක්කේ, ලංකාතිලකය ආදී දේශීය උරුමයන් දැකබලා ගන්නටත් Tree of life හි නවාතැන් ගන්නා සංචාරකයන්ට පහසුවෙන් හැකියාව ලැබේ.
සැබැවින්ම සෞම්‍ය කඳුකරයේ හරිතවත් වටපිටාවක නිස්කලංක නිවාඩුවක් ගත කරන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ අපූරු නවාතැනක් තමයි Tree Of Life.
සනත් වීරසූරිය
සේයාරූ : ශාන් බන්දු