2019 ජුලි 20 වන සෙනසුරාදා

මැරෙන හේතුව හා දිනය සොයා ගනිමු

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 1033
 
අපි කවුරුත් මැරෙන දිනය දැනගැනීමට කැමැත්තෙමු. එසේම කුමන රෝගයකින් මිය යනවාද යන්නද දැනගත හැකිනම් එයින් පරෙස්සම් විය හැක. මිය යන දිනය නිච්චියටම දන්නවා නම් ජීවිතය ඒ අනුව සැලසුම් කළ හැකිවෙයි. ඇතැමුන්ට මැරෙන බව මතක් වන්නේ වයසට ගිය පසුවය. ලෙඩ රෝගාදිය වැළදී විපතට පත්වූ පසු දැන් දැන් මියයායැයි සිතා මැරි මැරී උපන්දින්නෝද වෙති. කෙසේ වුවත් කෙනකු මිය යන දිනය හා හේතුව ඇත්තටම කිවහැකි නම් එය එම තැනැත්තාට විශාල උපකාරයක් වෙයි. එසේම මිය යන බව නිතර සිහිවීමද එයින් සිදුවීමෙන් වැරදි වැඩවලින් අත්වීඳීමට ඉඩ තිබේ. 
 
කෙසේ වුවද කෙනකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ඇත්තවශයෙන්ම මිය යන්නේ කවදා ද කියා හෝ හේතුව සහ මිය යන ආසන්නතම වයස ද පැවසීමට දක්ෂ ජ්‍යොතිෂවේදියකුට පුළුවන. එහෙත් කේන්දරයෙන් වැරදි ප්‍රකාශ කර කෙනකු බියට පත්කිරීම විශාල වරදක් බවද කිව යුතුය.
 
කේන්ද්‍රයේ අට වැන්නේ ග්‍රහයන් පිහිටා ඇති අයුරැ නිරීක්ෂණය කිරීමෙන් මරණය ගැන දැනගැනීමට අපහසු නොවේ. මේ අනුව ග්‍රහ පිහිටීම පිළිබඳ විස්තර මෙසේය.
 
ග්‍රහයා මරණයට හේතුව
 
රවි  - අස්ථි රෝග සහ පිත් රෝග
 
චන්ද්‍රයා - වාත, සෙම් හෝ ලේ කෝප රෝග
 
කුජ - පිත්කෝපය අස්ථි මූල ධාතු කෝපයෙන්
 
බුද - තුන්දොස් කිපීමෙන් හා සෙම් ධාතුව කෝපවීමෙන්
 
ගුරු - සෙම් කෝපයෙන් හා තෙල් ධාතුව කෝප වීමෙන්
 
සිකුරු - වාත රෝග, සෙම් ධාතුව කිපීමෙන්
 
ශනි - වාතය කිපීමෙන්, රස ධාතුව විෂවීමෙන්
 
වෘභජජාතක ටීකාවේ සඳහන් කර ඇති අන්දමට හිරැ පිතට ද සඳුට වාපිත් සෙම් දෙකද, කුජට පිතද, බුධට වාපිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් ද, බ්‍රහස්පතිට සෙමද, සිකුරාට වාපිත් දෙකද, ශනිට වාතය ද අයිති වන නිසා එම දෝෂ නිසා මරණයට පත්විය හැකිය.
 
තවද යමෙකු මරණයට පත්වීමට හේතුවන බාහිර බලවේග මේවාය.
රවි - ගින්නෙන්, චන්ද්‍රයා - ජලයෙන්, අඟහරැ - ආයුධයෙන්, බුද - උණ රෝගයෙන්, බ්‍රහස්පති - ආම රෝගයෙන්, සිකුරා - පිපාසයෙන් මරණය ඇතිවේ.
 
බොහෝ අවස්ථාවල කේන්ද්‍රය අනුව කෙනකුගේ මිස යන දිනය ඍජුවම ප්‍රකාශ කළ හැකි නමුත් කිසිම ජ්‍යෙතිෂවේදියෙක් එම දිනය ඍජුවම ප්‍රකාශ නොකරයි. එයට හේතුව එය පැවසුවහොත් අසන තැනැත්තා අධික මානසික කඩාවැටීමකට ලක්වී දිනපතා මිය යා හැකි බැවිනි.
 
කෙනෙකුගේ ආයුෂ වර්ග 4ක් ලෙස ජ්‍යොතිෂයේ දැක්වේ
 
1. බාලායුෂ - වර්ෂ 12
2. අල්පායුෂ - වර්ෂ 32
3. මධ්‍යම ආයුෂ - වර්ෂ 70
4. පූර්ණ ආයුෂ - වර්ෂ 100
 
පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ මුහුණ දෙන්නට සිදුවන මාරක ගැනද සඳහන්ය. උපතේ සිට වසර 100ක් ආයුෂ වින්දනය කර මිය යාම කාල මරණයයි. මෙය කලාතුරකින් සිදුවන මරණයකි. 
 
එය පූජා හෝම් යන්ත්‍ර මන්ත්‍ර ඖෂධ ආදි කිසිදු ප්‍රතිකර්මයකින් වළක්වාලන්නට නුපුළුවන. ජන්ම කේන්ද්‍රයේ 8 වැන්න චර රාශියක් එනම් මේෂ, කටක, තුලා, මකර වූ විට විදේශ රටකදී මිය යයි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශිවලින් අට වැන්නේ පිහිටි විට මිය යන්නේ තම රටේදී නැතහොත් උපන් ගමේ හෝ ප්‍රදේශයේ විය හැකිය. උභය රාශියක් වූ විට ධනු, මිථුන, කන්‍යා, මීන නම් තම රට හෝ පිටරට අතර ද තමා උපන් ප්‍රදේශය සහ වෙනත් ප්‍රදේශයක් අතර ද මිය යා හැකිය.
 
ජන්ම පත්‍රයේ 8 වැනි භාවය හා 22 වැනි දෙකර්ණධිපතියා ද මරණ ගැන කියන නියමිත රාශිය හා දෙර්කාණය වෙයි. මෙහිදී කේන්ද්‍රයේ 8 වැනි භාවයේ සිටි ග්‍රහයා හෝ 8 වැන්න දුටු ග්‍රහයා අනුව ද මරණය ගැන කීමට පුළුවන. 8 වැන්නට උදාවෙන රාශියට අනුව කෙනෙකු මිය යන රෝග මෙසේය.
 
මේෂ - පිත, උෂ්ණය, කුසගින්න
මිථුන - කැස්ස, සෙම, ශුල
කටක - බඩේ පිපුම, කෑම අරැචිය
සිංහ - සතුරු බිය, යෝනි හා ලිංග රෝග
තුලා - උණ හෝ සන්නි රෝග
වෘශ්චික - පාණ්ඩු රෝග, පිළිකා
ධනු - පහර කෑමෙන්, ජලයෙන්, කෝලාහල යුද්ධ ආදියෙන්
මකර - සිහි නැතිව වැටීම, ශුල වේදනා
කුම්භ - ක්ෂය රෝග, කාශ, සෙම්
මීන - ජලයෙන්, පීනස් අමාරු
 
විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00