2019 ජුලි 20 වන සෙනසුරාදා

අලි ඇතුන් සැරිසරන අඩවියේ අපූරු නවාතැන Sigiriya jungle

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

ලාංකික සංස්කෘතික තිකෝණයේ වඩාත් වේගවත්ම ගමනාන්තය සීගිරියයි. ලොවට අටවැනි පුදුමය වූ මේ ඌව අරුමය හා බැඳුණු සංචාරක මධ්‍යස්ථානයක් නම් ඒ Sigiriya jungle හෝටලය වියයුතුය. විල්, කුඹුරු කැලෑ මැද අලි ඇතුන් සැරිසරන බිමකවූ මේ අපූරු නවාතැන සැබැවින්ම සොබාදහම හා මුසුවූවක්. ප්‍රවීණ ගෘහනිර්මාණ ශිල්පී විනෝද් ජයසිංහ විසින් නිර්මාණය කරන ලද හෝටලය දේශීය සංස්කෘතියේ වර්ණයෙන්, දර්ශනයෙන්, ශබ්දයෙන් පවා ඔපවැටුණු තැනක්. හෝටලයට පැමිණෙන අමුත්තන් පිළිගන්න මොහොතේ ලැබෙන තැඹිලි හෝ දිවුල් වීදුරුවේ සිට බටනලා  හඬ මැද ලබාගන්නා රාත්‍රි ආහාරය දක්වා ගැබ්ව ඇත්තේ දේශීය අනන්‍යතාව.

Deluxe කාමර 20ක්, Deluxe plus 36ක් සහ suits 4ක් ඇතුළුව නවීන පහසුම් සිල්ලන්ගෙන්ම අංගසම්පූර්ණ කාමර 60කින් Sigiriya jungle හෝටලය සමන්විතයි. මේ සියල්ලම පෞද්ගලික විවෘත එළිමහනක් සහ හොඳ ආරක්ෂාවක් සහිතයි.

Sigiriya jungle හෝටලය අවන්හල 3කින් සමන්විත වූවක්. ලක්ෂ්මි ප්‍රධාන අවන්හල, Sri Lankan අවන්හල සහ කුඹුරු යායන්ට සහ වනාන්තරයට මායිම් වූ jungle breeze අවන්හල වේ.

ඔවුන් නිරන්තරයෙන්ම සුවිශේෂී දේශීය ආහාරයන්ගෙන් මෙන්ම, චීන, බටහිර සහ විවිධ මහද්විපික ආහාරයන්ගෙන් ඔබට සත්කාර කරන්නට සූදානම්.

Sigiriya jungleහී ලැඟුම් ගන්නා ඔබට හිමිවන තවත් සුවිශේෂී අවස්ථා රුසකි. ඒ නම් විනෝදාත්මක ක්‍රියාකාරකම්, වික්‍රමාන්විත ක්‍රියාකාරකම්, පාපැදි සවාරි, ගැමි ගම්මානවල සංචාරකයන්, දඹුල්ල, සීගිරිය, පිදුරංගල, රිටිගල ආදී සංස්කෘතික උරුමයන් නැරඹීම, සීගිරිය, මින්නේරිය, කවුඩුල්ල, හුරුලුවැව ආදී පරිසර උද්‍යානවල සෆාරි සංචාරයන් ඒ අතර වේ.

Sigiriya jungleහී ලැඟුම්ගන්නට බලාපොරොත්තු වෙන ඔබට මේ ජූලි 31 දක්වා කාලය තුළ විශේෂ දීමනා, වට්ටම්, පැකේජ, ලබාගැනීමේ අවස්ථාව හිමිවෙනවා. ඉතිං Sigiriya jungleහී සුන්දර නිවාඩුවකට ඔබටත් උත්සාහ කරලා බලන්න පුළුවන්.

I සනත් වීරසූරිය
  සේයා රූ: ශාන් බන්දු වීරසිංහ