2019 ජුලි 27 වන සෙනසුරාදා

50 දශකයේ ලොස්ඇන්ජලීස් අත්දැකීම් කොළඹ දී විඳගන්න California grill

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

දිදුලන පහන් එළියෙන් ආලෝකමත් වී අලංකාර මල් සැකසුම්වලින් සුන්දර වූ California grill වෙත ඇතුළු වූ විගස ඔබව 1950 දශකයේ ලොස්ඇන්ජලීස්වලට ඇදී ගිය බවක් එකවරම සිතේවි. රාත්‍රිය පුරාම වාදනය කරන පියානෝ හඬ මැද ඔබේ රාත්‍රී ආහාරය භුක්ති විඳින්නට පුළුවන්.

විශේෂයෙන්ම මෙහි ආහාරවේලක් කොටස් 8කින් යුක්තයි. ඔබ වෙනුවෙන් සත්කාර කරන්නට බොහෝ පිරිසක් මෙතනදී සැදී පැහැදී ඉන්නවා. ඒ වගේමයි ඔවුන් මේ හැම ආහාරයක් ගැනම හොඳ පැහැදිලි කිරීමක් සපයනවා. ගලදාරි හෝටලයේ California Grill හි රස මතක ගැන තමයි මේ සටහන.

පළමු course එක Fish tiramisu with Kahlua jelly, lagoon prawn cocktail සහ white mullet capsicum වලින් සමන්විතයි.

දෙවැනි අදියරේදී අපි රස බැලුවේ golden scallop සහ pomegranate vinegar. තුන්වැනි course එක Feuillet of mushrooms and bamboo shoot with honey vinegar. හතරවැනි course එක විදිහට රස බලන්න ලැබුණේ cream of leeks and potato with cheesy soup, carrots and orange and chowder with shoe lobsters and prawn. පස්වැනි course එකට අයිති වුණේ oysters in white wine and chilly vinegar, mussels fricassee gratin, golden crust smoked seer cheese kebabs. ඊළඟ පියවරේ දී රස බැලුවේ California grill හි ජනප්‍රියම ආහාරයක් වන Mango and white wine sorbet. හත්වැනි course එක වුණේ Tenderloin steaks. අටවැනි සහ අවසාන පියවරේ දී රස විඳින්න ලැබෙන්නේ oven roasted honey marinate duck සහ pan-fried Shoe lobsters.

මේ හැමදෙයක්ම දිදුලන වටපිටාවක ඉඳන් රසවිඳින විට පරිපූර්ණ හැඟීමක් නිසැකවම දැනේවි. California grill අත්දැකීම නම් hotel galadari හැරුණු විට වෙන කිසිම තැනකින් ලබාගන්න ඔබට නොහැකි වේවි.

 සටහන සේයාරූ - Life Web ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00