Hotel sunflower කියන්නෙ වැඩසිටි කන්ද පාමුල කතරගම පුදබිමට ආසන්නයේම වන අපූරු නවාතැනක්. එළඹෙන අගෝස්තුවේ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන කතරගමට වන්දනාවේ යන ඔබගේ ඉස්තරම්ම තෝරාගැනීම hotel sunflower බව නිසැකයි.
සංචාරකයන්ට වඩාත් සුවපහසු වටපිටාවක් සලසන hotel sunflower හි සුඛෝපභෝගී කාමර 20ක් අන්තර්ගතයි. ඒ family rooms 2, deluxe doubles 10, triple rooms 8ක් ලෙස. AC, non AC, hot and cold water, satellite TV ආදී නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ කාමර පාරිභෝගිකයන්ගේ රුචිකත්වයට අනුව තෝරාගත හැකියි. ඒ වගේමයි වැඩිහිටියන්ටත් කුඩා දරුවන්ටත් විනෝද විය හැකි නාන තටාකයක් ඔවුන් සතුයි. සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි එළිමහනේ තරු එළිය යට නාන තටාකය අසල BBQ සාද සංවිධානය කරන්නත් ඔවුන් සූදානම්.
කිරින්දේ නැවුම් මුහුදු ආහාර සමඟ රසවත් ආහාර අත්දැකීමක් විඳගන්න hotel sunflower හිදී ඔබට පුළුවන්.
Hotel sunflower හි ලැගුම්ගන්න ඔබට එළිමහනේ ඇවිදින්න, බයිසිකල් පදින්න, කඳු නගින්න, මාළු බාන්න වගේම ක්‍රියාකාරකම්වලටත් අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම යාල වනෝද්‍යානයේ නව කටුගම දොරටුවට ළඟාවෙන්න විනාඩි පහළොවක් පමණයි ගත වෙන්නෙ. කතරගම පුදබිමට අමතරව බුන්දල, රන්මිණිතැන්න, මාලිගාවිල ආදී තවත් සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. විශේෂයෙන්ම පරිසරයට ඇලුම් කරන සංචාරකයන්ටත් වන්දනාවේ යන සංචාරකයන්ටත් නරඹන්න බොහෝ ස්ථාන මෙහි දකින්න පුළුවන්.
ප්‍රදේශයේ අනෙකුත් සංචාරක ම්‍යස්ථාන අතරින් නිසැකවම ඉදිරියෙන් සිටින hotel sunflower මේ වන්දනා සමයේ සැබැවින්ම හොඳ තෝරාගැනීමක්. ඒ වගේමයි කාමර සඳහා වට්ටම් ලබාදෙන්නත් මේ උත්සව සමයේ ඔවුන් සූදානම්.
සනත් වීරසූරිය
සේයාරූ- ශාන් බන්දු