2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

දුම්බර කඳුයායේ සැඟවුණු සුන්දර අත්දැකීම

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

සුන්දර නකල්ස් කඳුකරයේ අපූරු නවාතැනක් ගැනයි මේ. මාතලේ සිට හසලක දක්වා විහිද යන, විවිධ පුරාවෘත්ත, මිත්‍යා රැසක් සඟවා ගත් දුම්බර කඳු යාය සැබැවින්ම Adventure travels වලට කැමැත්තක් දක්වන බොහෝ දෙනාගේ සිත්ගත් ප්‍රදේශයකි.

හසලක යනු ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් නොවුණත් එහි විශේෂත්වයන් කිහිපයකි. සුන්දර රත්න ඇල්ලත්, රාවණ විසින් සීතාවන් සඟවා තිබූ සීතා කොටුව පිහිටීමත් ඉන් විශේෂයි.

18 වංගුව කඳු මුදුනේ පිහිටන Mountain Edge Regency කියන්නෙ මේ අපූරු සුන්දරත්වය විඳගන්න කැමති ඔබට සුන්දර නවාතැනකි. Family rooms 5ක්, deluxe rooms 4ක්, standard room 1ක් ඇතුළුව සුඛෝපභෝගී කාමර 10ක් මෙහි අන්තර්ගතයි. Deluxe rooms සියලු සුඛෝපභෝගී නවීන පහසුකම්වලින් සම්පූර්ණයි. ඒ වගේමයි සෑම කාමරයක්ම පෞද්ගලික බැල්කනි ඇතුළු නවීන පහසුකම් සහිත සැප පහසු  ඒවායි. නාන තටාකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී තවත් බොහෝ පහසුකම් ඔවුන් සංචාරකයන්ට සපයනවා.

අවන්හල පිහිටා තිබෙන්නේ ඉහළ මහලය තුළයි. Eastern, western, Chinese, Indian, English ආදී ඕනෑම රටක ප්‍රසිද්ධ ආහාර ඔබට රස විඳින්න පුළුවනි. ගමේ කෑමත් ඒ වගේමයි.

Mountain edge regency හි ලැගුම් ගන්නා ඔබට කඳු නගින්න, ගැමි ගම්මානවල ඇවිදින්න, බයිසිකල් පදින්න වගේ ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් පුළුවනි. Mountain climbing, trekking, campaign, bird watching ආදී ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට කැමැත්තක් දක්වන සංචාරකයන්ට ඔවුන් විශේෂ පැකේජ සූදානම් කරලත් තියෙනවා. ඒ වගේමයි සීතා කොටුව, රත්න ඇල්ල, සොරබොර වැව, මීමුරේ, මාදුරු ඔය, දඹාන, වස්ගමුව ජාතික උද්‍යානය වගේ තවත් බොහෝ සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමේ හැකියාව Mountain edge regency සිට ඔබට ලැබෙනවා.  විවාහ උත්සව ආදිය සඳහාත් සුදුසු අපූරු සුන්දර හෝටලයක් වන Mountain Edge Regency හි නිස්කලංක නිවාඩුවක් ගත කරන්න ඔබටත් හැකියි.

 සනත් වීරසූරිය
සේයාරූ : ශාන් බන්දු