2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

Uber eats වලට අලුත්ම එක්වීම Hri Baolk

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

ඇඟිලි ලෙවකන්න හිතෙන රසම රස කෑම ජාති 03ක්

Uber ආහාර, සැබැවින්ම අප කැමතිම ආහාර වර්ග අපේ දොරකඩටම ගෙනැවිත් ලබාදීම ආශ්චර්යයකි. ඉතින් Uber eats වලට අලුත්ම එක්වීම තමයි Hri Baolk කියන්නෙ. Bao bun කියන්නෙ මැද එළවළු හෝ මස් පිරවුමක් සහිත මෘදු, සුදු පැහැයට හුරු, තරමක් පැණි රස steam කරන ලද බනිස් වර්ගයකි. එය dumplings වලට සමාන චීන ආහාර ගණයට අයත් වන්නකි.

ඔවුන් සතුව විශාල මෙනුවක් නම් නැහැ. Baos වර්ග 3කින් තමයි දකින්න පුළුවන් වෙන්නෙ.  ඒ තමයි chicken bao, jack fruit bao සහ pork bao. බොහෝ සමාන වුණත් පිරවුම නිසා එකිනෙකට වෙනස් රස විඳින්නට හැකියි. කොහොම වුණත් මගේ හිත ඇදගත්තෙ නම් pork bao එක. සැබැවින්ම "finger licking good” රසයක් එහි අඩංගුයි. සෝස්, පැණි රස, කුළුබඩු  එකතු වුණු අපූරු රසයක් එහි තියෙනවා.
කොහොම වුණත් රුපියල් 400කට හෝ රුපියල් 990කට bao එකක් මිලදී ගන්න ඔබටත් පුළුවනි. එකම එක පාරක් හරි මතක ඇතුව Bao රස විඳින්න.

සටහන සහ සේයාරූ - Life Web ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00