Gourmet station එකේ තියෙන Kingsbury hotel හි the high tea buffet ඔන්න නැවතත් හඳුන්වා දීලා. අපූරු පියානෝ වාදනයකට සවන් දෙන ගමන් ශාස්ත්‍රීය තේ පැන් සංග්‍රහයකට එක්වෙන්න ඔබටත් පුළුවනි. නිදහසේ සැඳෑ තේ කෝප්පයක් රස විඳින්න සැබැවින්ම අපූරු තැනකි.
මෙහි ආහාර නම් savories, sandwiches සහ sweets යන කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන් වෙනවා. පෙර තරම් විවිධත්වයක් නොමැති වුණත් ඒ දිව්‍යමය රසය නම් එසේමයි.
Savories යටතේ නම් මගේ හිත දිනාගත්තෙ curried vegetable puff, Roasted eggplants and mozzarella calzone, crispy sesame chicken වගේ වර්ග කිහිපයක්. Chicken pizza එකත් රසවත් වුණා. Sandwiches අතරින් නම් tuna sandwiches, honey roast, chicken mustard, Avocado spinach sandwiches open face sandwiches සහ සාමාන්‍ය chicken sandwiches ආදී සියල්ලම රසවත්. අනවශ්‍ය ලෙස විශාල නොවන නිසා ආහාරයටත් පහසුයි. කොහොම වුණත් මේ සියල්ලක්ම අතරින් වඩාත්ම මගේ සිත ඇදගත්තෙ sweets වර්ගයි. Chocolate cake, red velvet chocolate sauce Swiss roll, doughnuts, strawberry and meringue tarts ආදී මේ සියල්ලම හිතාගන්නවත් බැරි තරම් රසවත්.
බීම වර්ග දෙස බැලුවත් අනර්ඝ තේ කෝප්පයක් හෝ කෝපි කෝප්පයක් රස විඳින්න ඔබට හැකියි. උණුසුම් බීමකට කැමති නම් iced coffee, Apple iced tea, pink grapefruit milkshake වගේ තෝරාගැනීම් රැසක් ඔබ සතුයි. Kingsbury හි ප්‍රේස්ටි සහ කේක් අංශ යටතේ මෙය තවත් තෝරාගැනීම් රැසක් සහිතව ඉදිරියට යන්නයි බලාපොරොත්තුව. සැබැවින්ම The high tea buffet එකෙන් අනර්ඝ තේ පැන් සංග්‍රහයක් රස නොබැලුවොත් අඩුපාඩුවක් වේවි.
සටහන සේයාරූ - Life Web ඇසුරින්