1957 සෝවියට් දේශය හා ශ්‍රී ලංකාව අතර විදේශ තානාපති සේවාවන් ආරම්භ වීමත් සමඟ සෝවියට් සම්භාව්‍ය සාහිත්‍ය කෘති දේශපාලන පතපොත සමඟ සෝවියට් දේශය සඟරාව භාෂා තුනකින් ලාංකික පාඨකයන් වෙත ලබාගැනීමට හැකි විය. එවකට සෝවියට් තානාපති කාර්යාලය හරහා මෙම සඟරාවට විශාල පාඨක පිරිසක් දායකත්වය ලබාගෙන තිබුණි. එහෙත් 1989 පෙරස්ත්‍රොයිකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත් සමඟ එතෙක් සෝවියට් දේශය කරගෙන ගිය සුභසාධන වැඩපිළිවෙළ නතර විය. ඒ නිසාම අප රටට ලැබුණු පොත්පත්, සඟරා සියල්ල නොලැබී ගියේය.
1989 කාලය ලංකාවේ පැවති කැරලිකාරී තත්ත්වය නිසා සෝවියට් රතු පොත් වගේම වාමාංශික පතපොත ගිනි තැබීමට නැතිනම් සඟවා තැබීමට සිදු වූ අවාසනාවන්ත වටපිටාවක් ද ඇති විය.
කෙසේ නමුත් 2000 වසර ලැබීමත් සමඟ නැවත සෝවියට් සාහිත්‍යය කෙරේ වඩා හොඳ නැඹුරුවක් හට ගැනිණි.
ඒ නිසාම සෝවියට් රුසියානු හා ශ්‍රී ලාංකික මිත්‍රත්වය නැවත ඇතිකිරීමේ අරමුණ ඇතිව 2006 වසරේදී &සෝවියට් දේශයට* විකල්පයක් ලෙස රුසියාව නමින් සඟරාවක් පළකිරීමට සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ පිරිසකගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමය සහ රුසියාව ප්‍රකාශකයෝ සඟරාව ප්‍රකාශයට පත් කරයි.
දිලන්ත විතානගේ, බුද්ධප්‍රිය රාමානායක, වෛද්‍ය සමන් වීරසිංහ සඟරාව නැවත ආරම්භ කිරීමට මුල්වූහ. සරත් ලාල් කුමාර සංස්කරණයෙන් ආරම්භ කළ රුසියාව ත්‍රෛයිමාසික සඟරාවට මේ වනවිට වසර 13ක් පිරී(කලාප 50ක්) තිබෙන අතර එයට විශාල පාඨක ප්‍රතිචාර ද ලැබී තිබේ.
මෙවර ජූලි - සැප්තැම්බර් කලාපය රුසියාවට පනහයි යන උද්ධෘතයෙන් දැක්වීමට සැලසුම් කර ඇති අතර එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රකාශයට පත් කෙරේ.
ශ්‍රී ලංකා රුසියානු විදේශ සබඳතා ඓතිහාසික දේශපාලන සමාජ හා ආර්ථික ගමන් මග මෙන්ම මෙම සඟරාව හරහා අප රට පාඨක ජනතාවගේ හතරවැනි පරම්පරාව ඉතා ආදරයෙන් පරිශීලනය කරන සම්භාව්‍ය රුසියන් සාහිත්‍ය නව පරපුරක් සඳහා ප්‍රචලිත කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය බව සඟරාවේ සංස්කාරක ව.අ. සරත් ලාල් කුමාර දේශයට පැවසීය.
පාඨක