2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

උසස් කුල කාන්තාවකට අපලයි!

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 181

2019 අගෝස්තු 17 වැනිදා රවි ග්‍රහයා තමාගේ සිංහ රාශියට සම්ප්‍රාප්ත වී බලවත් වන්නේය. එවිට එහි කුජ ග්‍රහයා ද ගමන් කරමින් සිටී. ඒ නැප්චූන්ගේ ද සප්තම දෘෂ්ටිය ලබමිනි.

ආණ්ඩුවේ පවතින කිසියම් දුර්වලකමක් අඩුපාඩුවක් ඉස්මතු වී, සිදුකර පවතින ඕනෑම යහපත් ක්‍රියාවක් යටපත් වී ආණ්ඩුවේ චංචලත්වයන් සිදුවීමේ අවදානමක් ඉස්මතු වෙයි.

රවි රාශි මාරැවේ දහ වැන්නේ රවි - කුජ - ශුක්‍ර සිටියදී නැප්චූන්ගේ පීඩාවට ලක්වීම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දී වරින් වර සිදුවූවාක් සේ මෙවර සිංහ රවියේ දී, එනම් 2018.08.17 වැනිදා සිට ඉදිරියට විවිධ දේශපාලන පක්ෂ කැඩී බිඳී යාම් වාර්තා වීමේ අවදානමක් පවතී

මේ හා සමඟම ජනතාව ද කුපිත වෙනවා ඇත. සාමය කඩාකප්පල් වීමේ අවදානමක් ද පැන නගී. ගහමරා ගැනීම්, විනාශ වීම් ආදියට පසුබිම නිර්මාණය වනු ඇත. 

නමුත් සේනාධිනායක කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර බල රවි සමඟ දහ වැන්නේදීත් බලයෙන් සිටීම නිසා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නව ජවයක් උත්පාදනය වන බැවින් ප්‍රකෝපකාරීන් මර්දනය කිරීමටත් සාමය ස්ථාපිත කිරීමටත් හැකියාව ලැබෙනවා ඇත.
කෙසේ වෙතත් ප්‍රෝඩාකාරී කුමන්ත්‍රණ, මූල්‍ය වංචා, මහා පරිමාණයෙන් සිදුවී ජාතික ආදායම පහළ යාමේ අවදානමක් මතුවෙනවා ඇත. මේ නිසා රටේ දියුණුවට සිදුකළ යුතු වැඩ කටයුතු ද අඩපණ වීමේ අවදානමක් මතුවෙනවා ඇත.

රවි මාරැ තත්කාල ලග්න කුණ්ඩලියේ රෝග සහ සතුරැ ස්ථානයෙහි වක්‍ර ගමනක යෙදෙන යුරේනස් ග්‍රහයා ගෝචරය වන්නේය. ලග්නගත ගුරැ ග්‍රහයා සමඟ මෙකී යුරේනස් ග්‍රහයා ෂෂ්ඨාශ්ඨම වෙද්දී කුජගේ දෘෂ්ටියෙන් එකී තත්කාල ලග්නයත් ගුරැ ග්‍රහයාත් පීඩාවට පත් වන්නේය.

මේ නිසා කිසියම් පිපිරීමක්, හදිසි අනතුරක් වාර්තා වෙනවා ඇත. විවිධ ජීවීන්ගේ, එනම් මනුෂ්‍ය තිරිසන් ආදී දෙකොටසගේම රැධිරය හෙල්ලුම් කෑම් සහ අත්පා කැඩුම් බිඳුම් වාර්තා වනු ඇත.

යුරේනස් ග්‍රහයාගේ මෙකී රවි මාරු තත්කාල මොහොතේ සිදුවන විනාශකාරී තත්ත්වය නිසා මහ මුහුදට අයහපත් තත්ත්වයක් උද්ගත වනු ඇත. ලෝකයේ ප්‍රබල යුද නෞකා පිපිරීමක් විනාශයක් වාර්තා වනු ඇත. ශ්‍රී ලංකා මුහුදු තීරයේදීද මෙම අවදානම මතුවෙයි. මේ නිසා ඒ කටයුතු කරනු ලබන සමස්ත කාර්ය මණ්ඩලයම සීරැවෙන් සහ අවදියෙන් සිට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට වගබලාගත යුතුයි. 

නැප්චූන් සමඟ සිටින චත්‍රයාට රවි - කුජ - ශනි - රාහු දෘෂ්ටි එල්ල කරයි. ඍතු විපර්යාසයක් මවනවා ඇත. පතලක - ආකරයක විනාශයක් පෙන්නුම් කෙරේ. ඉඩකඩම් බදු ප්‍රශ්නයක් මතුවෙයි. උසස් කුල කාන්තාවකට ඇතිවන අපලකාරී තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00