2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

Black Cat Cafe

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

විජේරාම මාවතේ Black Cat Cafe කියන්නෙ අපූරු Burger අවන්හලක්. ඔවුන් මාස 3ක් පුරා මහන්සි වෙලා Black Burgers නමින් Burger මාලාවක් හඳුන්වලා දුන්නා.

Voodoo Lady, The Big Lebowoski, Seoul sister සහ The Dude තමයි මේ ඔවුන්ගේ මේ නවතම Burger Set එකට අයිති වෙන Burgers. මේ අතරින් වඩාත් මගේ හිත ඇදිල ගියේ Voodoo Ladyට. වචනවලින් කියාගන්න බැරිතරම් රසවත්. ඔබ කොරියානු ක්‍රමයට සකසන බැදපු Chicken වලට කැමති නම් Seoul Sisters ව අමතක කරන්න එපා.

ටිකක් මිල අධික වුණත් මෙයාලගෙ විශේෂත්වය තමයි ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන උසස් තත්ත්වයේ මාංශ සහ අමුද්‍රව්‍ය. ඒ නිසාවෙන්ම සාමාන්‍ය burger එකක් සමග සසඳන විට නියම බර්ගර් රසයෙන් නැවුම් බවින් වගේම විශාලත්වයෙනුත් වැඩියි. ඔබ වියදම් කරන මුදලට සරිලන burger එකක් අනිවාර්යයෙන් ඔබට ලැබේවි.

හැම Burger එකක්ම ඊට ආවේණික අපූරු රසයෙන් යුක්තයි. විශාල නිසා වේලක් සඳහා වුණත් ආහාරයට ගන්න පුළුවන්. ඔබත් Burger වලට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් Black Cat Cafe එකට ගිහිල්ල Black Burgers මෙනුවෙ Burgers රසවිඳින්න අමතක කරන්න එපා.

I ධනූ