Ponte කියන්නෙ උසස් තත්ත්වයේ ඉතාලියානු ආහාර පිළිගන්වන අවන්හලක්. මේ සටහන අපූරු රාත්‍රී භෝජන සංග්‍රහයක් වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් කරන ස්ථාවර මෙනුව පිළිබඳවයි. පළමුවෙන්ම ඔබේ ආහාර රුචිකත්වයට වඩවන්නට ඔවුන් පිළිගන්වන්නෙ Sauteed Calamari. එනම් Parmesan Cheese, Polenta සහ දැල්ලන් මූලික කරගෙන Lemon රසය කැටිකොටගත් ආහාරයක්. පසුව ඔවුන් පිළිගන්වන Beef carpaccio කියන්නෙ සලාදයක් සමඟ පිළිගන්වන ඔලිව් තෙල් එක්ක beef වලට. කොහොම වුණත් මගේ නම වඩාත් සිත්ගත්තෙ Cepes mushrooms Soupn එක.
ඊට අනතුරුව ඔවුන් ප්‍රධාන ආහාර පිළිගැන්වීම අරඹනවා. Squid Ink Tagliatelle කියන්නෙ දැල්ලන්ගේ තීන්ත යොදා වර්ණ කළ Pasta වර්ගයක්. පසුව ඔවුන් පිළිගන්වන්නෙ අවන්හල්වල ප්‍රසිද්ධ ආහාරයක් වන chicken Scallopini. අනතුරැව Seabass නම් මාළු විශේෂය මූලික කරගත් Baked Seabass Filet රසවිඳින්න පුළුවන්.
අවසානයේ Tiramisu කියන ඉතාලියානු අතුරුපසත් Chocolate Cake සහ කියල නිමකරන්න බැරි රසයකින් යුතු Cannoli ත් අතුරුපස ලෙස රසවිඳින්න පුළුවන්.
ඉතින් ඔබටත් පුළුවන් උසස් තත්ත්වයේ ඉතාලියානු රාත්‍රී භෝජන සංග්‍රහයකට ii Ponte වෙත යන්න.
Life Web ඇසුරින්