ගුවන්තොටුපළ හෝටල් යන සංකල්පය දේශීය සංචාරක කර්මාන්තය තුළ එතරම් ජනප්‍රිය නොවේ. මේ පුංචි රට තුළ විදේශයන්ගේ මෙන් සංචාරක ගමනාන්ත වෙත ළඟාවීමට විශාල කාලයක් වැය නොවීම ඊට හේතුවන්නට ඇත. කෙසේවෙතත් කටුනායක ගුවන්තොටුපළ පාරේ පිහිටන Euro Star Hotels යනු සුඛෝපභෝගී ගුවන්තොටුපළ හෝටලයකි. මෙහි ප්‍රධානතම අරමුණ ලංකාව පැමිණෙන සංචාරකයන්ට තම සංචාරක ගමනාන්තවලට ළඟාවීමට පෙර පළමු රාත්‍රියත්, රටපුරා සංචාරයෙන් පසු නැවත ගුවන්ගත වීමට පෙර අවසාන රාත්‍රියත් සුවපහසු එකක් කරදීමයි.
අක්කර 4ක් පුරා හරිතවත් උද්‍යානයක නාන තටාකයක්ද සහිත හෝටලය Luxury Rooms 17ක් සහ Deluxe Rooms 23කින් සමන්විතයි. සෑම කාමරයක්ම AC, Mini bar, Satellite Tv, IDD Phones, Hot and Cold Water ආදී නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ වේ. එමෙන්ම 370කට එකවර පහසුකම් සලසන Royal Banquet සහ 250කට පහසුකම් සලසන Cristal Banquet විශේෂිතයි. ඒ නිසාවෙන් MICE Event සඳහාත් යෝග්‍යයි.
මෙහිදී සංචාරකයන්ට දේශීය, ඉතාලියානු හා මහාද්වීපික ආහාර රසවිඳින්න පුළුවන්. අමුත්තන් 50කට පමණ අසුන්ගත හැකි අවන්හල සහ ඕනෑම වේලාවක උදේ දවල් රාත්‍රි ආහාර සඳහා විවෘත Coffe Shop එක නිසා නිදහසේ ආහාර රසබලන්න සංචාරකයන්ට අවස්ථාව හිමිවෙනවා.
මෑතක සිට සතිඅන්ත නිවාඩුව ගතකරන්නන් සහ මධුසමය ගතකරන්නන් අතරත් Euro Star ජනප්‍රිය වෙමින් පවතිනවා. BBQ, නාන තටාකයේ විනෝදවීම් මෙන්ම විශේෂයෙන් මධුසමය ගතකරන්නන් වෙනුවෙන් නාන තටාකය අසල තරු එළියේ රාත්‍රී භෝජන සංග්‍රහ වැනි විශේෂ පහසුකම් ඔවුන් සලසනවා.
Cycling සහ අවට විවිධ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථාන නැරඹීම, හැමිල්ටන් ඇළේ බෝට්ටු සවාරි ඇතුළු තවත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා සංචාරකයන්ට අවස්ථාව හිමිවෙනවා. ඉතින් ගුවන්තොටුපළ හෝටලයක් ලෙසත් ඔබේ නිවාඩුවට නවාතැනක් ලෙසත් Euro star Hotel අපූරු තැනක් වේවි.
සනත් වීරසූරිය
සේයාරෑ: ශාන් බන්දු වීරසිංහ