2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

උණු උණු කෝපි එක්ක කැරමල් ලූනු, බැදපු බිත්තර, චිකන් බේකන් චීස් Cafe 97

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 105

Cafe 97 කියන්නෙ Colombo 5 හි ඇරඹුණු අලුත්ම කැෆේ එක. රසවත් ආහාර පාන වගේ උණු උණු කෝපි කෝප්පයක් පානය කරන්නත් අපූරු තැන. සාමාන්‍ය කැෆේ එකකට වඩා ටිකක් වෙනස් වුණත් පවුලේ හැමෝම එක්ක ආහාර වේලක් රසවිඳින්න කියාපු ස්ථානයක්.

මම නම් මුලින්ම රස බැලුවේ Oreo Milkshake එකක් සහ Fresh Strawberry Lemonade එකක්. විශේෂයෙන්ම ඔවුනට ආවේණික රහසිගත අමුද්‍රව්‍යයන් එක්කර හදන Strawberry Lemonade එක නම් දිව්‍යමය රසයක් ගෙන එනවා.

බීම වර්ගවලට අනතුරුව ඊළඟට මම රස බලන්න තෝරගත්තෙ Vichyssoise Soup සහ Beetroot salad. පෝෂණයෙන් වගේම රසයෙනුත් විශිෂ්ටයි. පසුව Crunchy Crispy Devilled Prawns රස බැලූ අතර Hot Chili Sauce සමග අපූරුවට ගැලපුණා. Cafe 97 හී Doubles Burger with Chicken නම් සැකයක් නෑ කොළඹ නගරයෙන් ඔබට හොයාගන්න පුළුවන් හොඳම Burger වලින් එකක්. Chicken, Bacon, Cheese, කැරමල් කරපු ලූනු, බැදපු බිත්තර වගේ ගොඩක් දේවල් වලින් ඔබේ රස නහර පිරිලා ඉතිරිලා යාවි.

අතුරුපස ලෙස මම තොරගත්තු Giant Profiteroles with Fresh Cream and Ice Cream නම් කියල නිමකරන්න බැරි රසයකින් යුක්තයි. Choux Bun එකක් Ice Cream හා Chocolate වලින් Fill කරල තමයි මේ අතුරුපස නිර්මාණය කරල තියන්නෙ.

ඉතින් අපූරු ආහාර වේලක් රසවිඳින්න ඔබටත් පුළුවන් Cafe 97 වෙත ගොඩවෙන්න. මේ මිත්‍රශීලී කාර්යමණ්ඩල අනිවාර්යයෙන්ම ඔබව රසවත් ආහාරවලින් සතුටු කරාවි.

සටහන සේයාරූ I
Life Web ඇසුරින්