විවාහය යනු මනුෂ්‍ය පරම්පරාව ඉදිරියට ගෙන ඒමෙත් අඛණ්ඩව පවත්වා ගෙන යාමෙත් ප්‍රබලම සාධකයයි. ආදිකල්පිත සමාජවල සිට මේ දක්වා මෙම ක්‍රියාවලිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර කොතෙක් විවිධාකාර වුවත් මෙය ස්වභාවධර්මයා විසින් සත්ව සන්නතියේ පැවැත්ම සඳහා බලෙන් පටවන ලද කාර්යකි. මෙම එක්වීම සත්වයන්ට පවරා ඇත්තේ ඔවුන් තුළ යම් ඉඩක් ජනිත කරවීමෙනි. සත්වයන් තුළ විවාහයක් නැත්නම් සංවාසයක් පවතී. ස්වභාවධර්මය උන් හට එම ඉඩ ලබා දී ඇත.
විවාහය කර්මානුරෑපව සිදු කෙරෙන්නක් බව ජන්ම පත්‍රය පෙන්වා දෙයි. එහි සත්වෙනි භාවය වෙන්කර ඇත්තේ මෙම විවාහ සන්ධිස්ථානයට අවතීර්ණ වීම පෙන්නුම් කිරීමටය. ජ්‍යොතිෂයේදී විවාහය දහවෙනි ග්‍රහයා වශයෙන් ද නම් කෙරේ. යෝජනාවකින් විවාහ වුවද, පුවත්පත් දැන්වීමක් මාර්ගයෙන් විවාහ වුවද, ප්‍රේම සම්බන්ධයකින් කළා වුවද තමාට උරුම වන්නේ කොයි වගේ කෙනෙක්දැයි හත්වැන්න කියා දෙයි. එපමණක් නොව විවාහ නොවී සිටීම ද හත්වෙනි භාවයේ සාපේක්ෂ බල දුබලතා අනුව පෙන්නුම් කෙරේ.
ක්රිෂ්ණ මූර්ති පද්ධතියේදී විවාහයට හත්වැනි භාවය ප්‍රධාන බව පිළිගත්ත ද ඒ සඳහා 2වැනි භාවය සහ 11 වැනි භාවය ද ඈඳා ගනී. චාරිත්රානුගත විවාහය 7 වැනි භාවයෙන් එකට එක්වන සහකාරිය හෝ සහකරැගේ තරාතිරම ස්වභාවය සහ ගතිගුණ පෙන්වයි. කුටුම්භ ස්ථානය හෙවත් 2 තම පවුලට අලුතින් එක්වන සාමාජිකයා පෙන්නුම් කරයි. එකොළොස්වැන්න තම පරමාර්ථයක් ඉෂ්ට වන සදාකල් මිත්‍රත්වය සහ සහජීවනය සංවාසය පෙන්නුම් කරයි.
මේ නිසා 7 ප්‍රධාන කොට මෙම භාව තුනෙන්ම සාපේක්ෂ බල දුබලතා විමසීම මඟින් විවාහය ප්‍රකාශ වේ. මේ සඳහා 7 වැනි භාවයේ උප අධිපතිට ක්රිෂ්ණ මූර්ති ක්‍රමයෙන් ප්‍රධාන තැන මෙම හතේ උප අධිපති හතට දෙකට හෝ එකොළහේ භාව නිවේදකයා වශයෙන් සම්බන්ධ වී සිටියහොත් විවාහය කෙරේ. මෙම 2,7 සහ 11 යන ත්‍රිත්වයට රුකුල් ලැබෙන භාව වශයෙන් 3, 5 සහ 8 ද එක්කරනු ලැබුවාට වරදක් නැත.
මේ අනුව හතේ උප අධිපති 6, 4, 10 සහ 12 ප්‍රබල භාව නිවේදකයා වු හෝ විවාහයක් ප්‍රේමයකින් අවසන් වීම ප්‍රේම විවාහයක් යනුවෙන් හඳුන්වයි. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව ජන්ම පත්‍රයක මේ සඳහා කාරණා කීපයක් ඒකාබද්ධ විය යුතුය.
ප්‍රේමය පෙන්නුම් කරන්නේ පස්වැනි භාවයෙනි. විවාහය පෙන්වන්නේ හත්වැනි භාවයෙනි. අපේක්ෂා ඉටු වීම සහ සදාකාලික මිත්‍රත්වය පෙන්වන්නේ එකොළොස්වැනි භාවයෙනි. දෙවැන්න ද මේ සඳහා ප්‍රබල ස්ථානයකි. පවුලට නව සාමාජිකයකු එකතු වීම 2න් පෙන්වන හෙයිනි.
ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව භාව අධිපතියාට වඩා එහි උපස්ථානාධිපති ප්රබලය. (අදාළ භාවයේ ග්රහස්පූටය පාලනය කරන ග්‍රහයා) ඒ අනුව පස්වැනි භාවයේ උපස්ථානාධිපති 5, 7, 11 නිවේදනය කරන්නේ නම් හෝ හතේ උප අධිපති 7, 5, 11 නිවේදනය කරයි නම් ප්‍රේමය විවාහයකින් අවසන් වේ.
අපි මේ සඳහා ආදර්ශ කේන්දර දෙකක් ඉදිරිපත් කරමු. එකක් 1978.10.08 උපන් කටක ලග්න කේන්දරයකි. අනෙක 1984.01.02 උපන් මකර ලග්න කේන්දරයකි. මේ දෙදෙනා විවාහ වූයේ ප්‍රේම සබඳතාවයකින් පසුවය. දෙදෙනාගේම ජන්ම පත්‍ර මේ බව පෙන්වයි.
කටක ලග්න කේන්දරයේ 5හේ උප අධිපතියා ශුක්‍ර (ගුහස්පූට 8.28.11 හෙයින් උපස්ථාන චක්‍රයේ එහි අධිපතියා ශුක්‍ර බව පෙන්වයි.) මෙහි ශූක්‍ර 4 වැනි භාවයේ සිටින්නේ 4 සහ 11 අධිපති වශයෙනි. ශුක්‍ර රාහුගේ නැකතත් ශුක්රයේම උපස්ථානයේත් ඇත. එම ශුක්‍ර 5 අධිපති කුජ සමඟ යෝග වීමෙන් 5 වැනි භාවය ද නිවේදය කරයි. එසේම දෙකේ සිටින හත අධිපති ශනිගෙන් දෘෂ්ටියක් ද ඇත. මෙසේ ශුක්‍ර 5, 7 සහ 11 නිවේදනය කරන නිසා හතේ උපපති ගැනීමට අවශ්‍ය නැත.
මකර ලග්නයේ ජන්ම චක්‍රයක් ගනිමු. එහි 4 වැනි සහ 5 වැනි යන භාවස්පූට දෙකම වැටෙන්නේ වෘෂභ රාශියටයි. මෙයින් 5වැනි භාවස්පූටයේ උප අධිපති ශනිය. 7 උපපති රාහුය. මෙම ශනි 1 සහ 2 අධිපතියා වශයෙන් 9 වැනි භාවයේ ඇත. තැන්පත්ව ඇති නැකතක් උපස්ථානයත් 11 වැනි භාවයේ ඇති ගුරැගේය. (ගුරු සිටින්නේ රාශි වශයෙන් 12 වුවත් භාවය 11යි) එම ශනි 7 වැනි භාවයට දෘෂ්ටියක් එල්ල කරයි.
7 උපස්ථානාධිපති රාහුය. රාහු 5 වැනි රාශිය අධිපති ශුක්‍ර නියෝජනය කරමින් 11 සිටින සඳුගේ නැකතක ඇත. සඳු 7 අධිපතියාය. මේ අනුව රාහු 5, 7 සහ 11 නිවේදනය කරන අතර ශනි 11 සහ 7 වැනි භාවයට දෘෂ්ටියක් එල්ල කරයි.
7 උපස්ථානාධිපති රාහුය. රාහු 5 වැනි රාශිය අධිපති ශුක්‍ර නියෝජනය කරමින් 11 සිටින සඳුගේ නැකතක ඇත. සඳු 7 අධිපතියාය. මේ අනුව රාහු 5, 7 සහ 11 නිවේදනය කරන අතර ශනි 11 සහ 7 නිවේදනය කරයි. වසර 13කට පමණ ඉහත මේ දෙදෙනා විවාහ විය.
කෙසේ වුවද යෝජිත විවාහයක් හෝ ප්‍රේම විවාහයක් සාර්ථක වේද නොඑසේ නම් බිඳ වැටීම යන්න කේන්ද්‍රයටම බාර දිය නොහැකි අතර ඒ පිළිබඳ යුවලගේ ක්‍රියාකාරකම්වල ගැලපීම අවශ්‍ය වෙයි. බොහෝවිට ප්‍රේමයෙන් විවාහ වුවද අතරමග විවාහය කඩා කප්පල් වන්නේ සමාජ ප්‍රශ්නවලට ප්‍රායෝගිකව මුහුණදීමට ඇති නොහැකියාවම නිසා මිස කේන්ද්‍රයේ වරදක් නිසා නොවන බව සැලකිය යුතුය.
ජ්‍යොතිර්වේදි
පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, සිතුමිණ