ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි The George on Collins අවන්හලේ හිමිකරු Master chef Australia තුන්වැනි ස්ථානය දිනාගත් ප්‍රවීණ සූපවේදී khan Ong සමඟ කතාබහකට මට අවස්ථාව සැලසුණි.
ෂැංග්‍රිලා හෝටලයේ දී සිදු වූ මේ කතාබහ වගේම ඔහු සමඟ කෑම පිසීමේ අත්දැකීමක් ලබන්නත් මෙහිදී හැකි විය. 90 දශකයේ දී පමණ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහුගේ පවුල සතුව මස් වෙළෙඳසලක් තිබූ අතර තම මවගේ ඇසුරේ ආහාර පිසීමට ඔහු පුරුදු විය.
ලංකා සංචාරයේ දී ඔහුගේ අරමුණ වුණේ තම අවන්හලට ලාංකීය ආහාර ඇසුරෙන් යමක් එකතු කර ගන්නට පර් යේෂණ සිදු කිරීමයි. මෙහිදී ඔහු සමඟ කොස්, පොල් සම්බෝල, බිත්තර ආප්ප සහ කොත්තු පිසීමටත් මට අවස්ථාව ලැබුණි. සැබැවින්ම ඔහු ඒ සියල්ලටම කැමැත්ත පළ කළ බව කියන්නම අවශ්‍යයි.
තම ප්‍රියතම ශ්‍රී ලාංකීය ආහාර Egg kottu, pol-sambal, lampreys සහ crab curry බව ඔහු පවසයි. සැබැවින්ම ලාංකීය ආහාර පිසීම විනෝදජනක වගේම විශේෂයෙන් ආප්ප වැනි ආහාර පිසීමට භාවිත කරන ශිල්ප ක්‍රමවලින් ඔහු විශ්මයට පත් වී සිටියි. ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙන්නේ ආප්ප සහ පොල්සම්බෝලත් මෙල්බන් අවන්හලේ මෙනුවට එක් කිරීමටයි. ඔහු පවසන විදිහට අත්හදා බැලීම් කිහිපයකින් පසු අතුරැපසක් විදිහටයි මේවා එකතු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.
ශ්‍රී ලාංකිකයන් ඔහු හඳුන්වන්නෙ මිත්‍රශීලී නිහතමානී ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් මිනිසුන් ලෙසයි. ඒ වගේම කවදා හෝ Beach club එකක් විවෘත කිරීම සඳහා සුදුසුම තැන ශ්‍රී ලංකාව බවත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
ධනූ
You’re my favorite