Hot pot කියන්නෙ චීනයේ ජිං රාජ වංශයේ සිට පැවත එන ආහාරයකි. ශීත ඍතුවේ දී ගන්නා ආහාරයක් වුණු මෙය පසුකාලීනව වසර පුරාම අනුභව කළ හැකි ප්‍රධාන ආහාරයක් විය. මෙහිදී පවුලේ හැමෝම එකතු වී මේසය මත තියෙන hot pot එකට එක එක වර්ගයේ ආහාර දමමින් ඒ වෙලෙහිම ආහාරයට ගැනීම සිදු කරති.
චීනයේ පමණක් නෙවෙයි ලෝකය පුරාම ජනප්‍රිය ආහාරයක් වුණු hot pot අත්දැකීමක් දැන් ලාංකිකයන්ටත් ලබාගන්න පුළුවනි. ඒ Colombo city center හි Mala Hot Pot අවන්හලෙනි. කොළ වර්ග, හතු, මුහුදු පැළෑටි, chicken, beef, sea food වගේ අමුද්‍රව්‍ය මෙහිදී ලබාදෙයි. ඔබට තියෙන්නෙ මේසය මත නිරන්තරයෙන්ම පිසෙමින් පවතින hot pot එකට දාලා මේවා ආහාරයට ගැනීමයි. ඔවුන්ගේ අය කිරීම් සිද්ධ වෙන්නෙ තෝරාගැනීම්වල බර අනුවයි.
හැමදාම Chinese food කියල කන fried rice, noodles ඇතුළු සැර ආහාරයන්ගෙන් වෙනස් වූ නැවුම් අත්දැකීමක් විඳින්න Mala hot pot වෙතට ආවොත් ඔබටත් හැකියාව ලැබේවි.
Life Web ඇසුරින්