ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට නීච රාශි භවන වූ බුධට අයත් කන්‍යා රාශියට 2019 සැප්තැම්බර් 10 වැනි කුජ දින පාන්දර 1 පසුවී විනාඩි 42ට පිවිසේ. එසේ පිවිස රවිට අයත් උත්‍රපල් නැකතේ දෙවැනි තුන්වැනි හතරවැනි පාදවලත් සඳුට අයත් හත නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් සිත නැකතේ ප්‍රථම හා දෙවැනි පාදවලත් ගමන් කරයි. මෙලෙස 2019 ඔක්තෝබර් මස 4 වැනි කිවි දින පාන්දර 5 පසුවී විනාඩි 16 දක්වාම සිකුරු නීච වී ගමන් කරනු ඇත.
සිකුරැ නීචව ගමන් කිරීම අප රටට ඇති කරන්නා වූ බලපෑම විමසා බැලීමේදී එතරම් යහපත් තත්ත්වයක් නොපෙනේ.
මූල්‍ය ආයතන, වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන, හෝටල්, සමාජ ශාලා, විනෝද ස්ථාන, රංග ශාලා ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් ඇතිවන කාලයක් වේ. මූල්‍ය ආයතන, බැංකු සමඟ ගනුදෙනු කිරීම් අඩු වන්නා වූත් සමයක් බවද පෙනෙන්නට තිබේ.
කාලගුණික විපර්යාස ඇතිවන කාලයක් වේ. කෘෂිකාර්මික කටයුතුවලට බාධා ඇතිවෙමින් වගාබිම් විනාශයට පත් වීමත්, හදිසි උපද්‍රව ඇතිවීම අසන්නට ලැබෙන කාලයකි. කාන්තාවන්ට සිදුවන අපරාධ ක්‍රියාවල වර්ධනයක් ද පෙන්නුම් කරයි. සංගීත, චිත්‍ර හා රංගන ක්ෂේත්රවල නියැලෙනු කලාකරැවන්ට කලාකාරියන්ට ඉතා අශුභ වූත් මාරක යෙදෙන කාලසීමාවක් වේ. හදිසි ජල ගැලීම් තත්ත්වයක් ද සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද පෙන්නුම් කෙරේ.
මේෂ - ආර්ථික දුෂ්කරතා
ඔබ යම්කිසි දෙයක් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටියේ නම් එම දේ ලබාගැනීමට හැකියාව අත්වන වකවානුවක් වනු ඇත. ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා මතුවන්නා වූත් කාලසීමාවක් වනු ඇත. ආර්ථික දුෂ්කරතා ඇතිවන අතර තැන්පත් ධනය ද වියදම් වන්නා වූත් කාලයකි.
වෘෂභ - හවුලට හොඳයි
විරුද්ධ ලිංගික බැඳීම්වලට බාධාවීම් ඇතිවනු ඇත. හවුල් කටයුතු, ව්‍යාපාරික කටයුතු ආරම්භයට ශුභ වනු ඇත. කෙටි ගමන් යෙදෙන අතර ආගමික කටයුතු වෙනුවෙන් ද කාලය යොදවන වකවානුවකි.
මිථුන - කටයුතුවලට බාධා
ඔබගේ මතයට ක්‍රියා කරන කාලයක් වන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන වකවානුවක් වේ. ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත.
කටක - ව්‍යාපාරවලට යහපත්
ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන කාලසීමාවක් වේ. ව්‍යාපාරික කටයුතු ආරම්භයට ද හවුල් කටයුතු සිදුකිරීමට ද ණය ගැනීම් සඳහා ද යහපත් වන්නා වූත් කාලසීමාවකි.
සිංහ - පවුලේ සමගිය
තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවන කාලයක් වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වන අතර අවදානම් වැඩවල යෙදීමේදී සහ එවැනි ස්ථානවල කටයුතු කිරීමේදීත් පරිස්සම් විය යුතු කාලයකි.
කන්‍යා - කෙටි ගමන්
අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන කාලයක් වේ. ආගමික කටයුතු වෙනුවෙන් සහභාගි වීමට සිදුවන අතර කෙටි ගමන් ද යෙදෙන කාලයකි.
තුලා - සතුන්ගෙන් පීඩා
ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවන අතර පවුල් දිවියේ සමගිය පළුඳු වීම් සිදුවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සතුන්ගෙන් ද යම් ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
වෘශ්චික - මංගල යෝජනා
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන කාලයක් වේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර කරගත හැකි කාලසීමාවකි. මාධ්‍ය ක්ෂේත්රයේ නියැලි අයට යහපත් ඵල උදාවන කාලයකි.
ධනු - අලුතින් වාහනයක්
තම දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳව අසන්නට ලැබෙනු ඇත. අලුතින් වාහනයක් හෝ විසිතුරැ ගෘහභාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙන කාලයකි. සේවා ස්ථානය ආශ්‍රිතව අනිකුත් සේවකයන් සමඟ මතභේද ඇතිවනු ඇත.
මකර - මාධ්‍ය කටයුතුවලට හොඳයි
විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වන ඔබ, මාධ්‍ය කටයුතුවල නියැලි අයකු නම් වඩා යහපත් ශුභ ඵල ගෙන දෙනු ඇත. අලුත් කාර්යයක් සඳහා අතගැසීමට සුදුසු වකවානුවක් ද වේ.
කුම්භ - තැන්පත් ධනය වැයවේ
ඔබට යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. ආර්ථික අපහසුතා ද ඇතිවන අතර තැන්පත් ධනය වියදම් වී යන කාලයක් ද වනු ඇත. සෙම් ආශ්රිත පීඩා ඇතිවනු ඇත.
මීන - ශරීර පීඩා
හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු වේ. යම්කිසි ලියවිල්ලකට අත්සන් තැබීමෙන් අමාරැවේ වැටෙන කාලයක් ද වේ. හවුල් කටයුතු සඳහා බාධා ද ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල