පාස්කු වින්දිතයන් වෙනුවෙන් සූපවේදීන්ගේ දායකත්වය
පසුගිය අගෝස්තු 30 වැනිදා ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරයෙත් සුප්‍රසිද්ධ සූපවේදීන් වන පීටර් කුරුවිට, දර්ශන් මුනිදාසා සහ රිෂි නලීන්ද්‍ර යන සූපවේදීන්ගේ දායකත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී විශේෂ රාත්‍රී භෝජනයක් සංග්‍රයක් පැවැත්වුණා. පාස්කු ප්රහාරයන්ට ගොදුරු වූවන්ට උපකාර කිරීමේ අරමුණින් තමා වැඩේ සංවිධානය වුණේ. කීර්තිමත් සූපවේදීන්ගේ දායකත්වයෙන් සංවිධානය වුණ මේ අවස්ථාව රසවත් සුන්දර අත්දැකීමක් වුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය එකතු කළේ විජය පුවත්පත් සමාගම.
ජාත්‍යන්තර දැව නිපැයුම් දැක්ම
දැව ආශ්රිත නිෂ්පාදන රැසක් සමඟින් ජාතික ජාත්‍යන්තර නිෂ්පාදකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශනයක් පැවැත්වේ. වැඩේ සංවිධානය වෙන්නේ හත්වැනි වරට. සැප්තැම්බර් 6, 7 සහ 8 යන දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයට ගියොත් මේ ඔබටත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්.