2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

සංගීතය මැද්දේ චීස් වෑහෙන උණු උණු ලොකු පිට්සා Mama Louies

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

කොළඹ නගරයේ අලුත්ම Pizza අත්දැකීම හොයාගෙන මම ගියේ colombo 5, sooriya village හී Mama Louies වෙතට. අලංකාර සංගීතය රසවිඳිමින් එළිමහන් ආසන සහිත මනස්කාන්ත පරිසරය චීස් වෑහෙන උණු උණු විශාල pizza එකක් රසවිඳින්න ගැලපෙනම තැන.

ව්‍යාපාරය මෙහෙයවන අමිත් ක්‍රිශාන්ත සහ හිරන්ත ගුණසේන කියන්නේ ජාත්‍යන්තර සන්නාමවල පවා සේවය කළ ක්ෂේත්‍රයේ පළපුරුදු අය. ඒ නිසාම ඔවුන් ජාත්‍යන්තර අහාර සන්නාමයක් ලංකාවෙන් අරඹන්න බලාපොරොත්තු වෙන් තමයි මේ ස්ථානය නිර්මාණය කරන්නේ. ඒ වගේම ළඟදීම ඔවුන් තවත් ශාඛාවන්  විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා.

කොහොම නමුත් මම රස බලන්න තෝරගත්තේ Diavola, Bresaola e aRucola, Sorrentina, Louie’s spicy beef, Mistolare mama louie’s වගේම වැඩියෙන් අලෙවි වන cheese පිරුණු pizza වර්ග කිහිපයක්. ඒ රසය නිසාවෙන් මම ඕනවටත් වඩා ආහාරයට ගත්තා කියන්න පුළුවන්. විශේෂයෙන්ම උසස් තත්ත්වයේ ආනයනික මාංශත් ලංකාවෙ නැවුම් එළවලුත් pizza එකේ ගුණාත්මකභාවය තව තවත් වැඩි කරනවා.

ඔවුන්ගෙ විශේෂත්වය තමයි pizza dough එක සහ Concasse sauce එක. ඇත්තටම අපූරැයි. Pizzaවලට අමතරව ඔවුන් Lasagne වර්ගත් අලෙවි කරනවා. ඒ වගේම ඉදිරියේදී Salads, chicken wings සහ press-sandwiches අලෙවි කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔබත් පුළුවන් Mama Louies වෙතින් උසස් තත්ත්වයේ නියමම pizza රසවිඳින්න.

I ධනූ
You’re my favorite