ආහාර බෝග වගා කරනු ලබන ගොවිබිමේ සිට කෑම පිඟාන දක්වා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් වියයුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා පවසයි.
අපේ ආහාර ගොවිබිමේ සිට ආහාර පිඟාන දක්වා යන ක්‍රියාවලිය තුළදී අවස්ථා කිහිපයකදී ආහාර දූෂණයට ලක්වෙනවා. ගොවිපලේ වස විෂ පරිහරණයත් සමඟ අස්වැන්න නෙලීමේදී ආහාර ප්‍රවාහන කටයුතුවලදී ගබඩා කිරීමේදී නැවත සකස් කර පාරිභෝගිකයා අතට පත්වන අවස්ථා කිහිපයකදීම මෙම ආහාර දූෂණයට ලක්වෙනවා.
යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙවැනි ආහාර දූෂණයට ලක්වීමේ මත ජනතාව නොයෙකුත් රෝගාබාධවලට මුහුණ දීමට සිදුව ඇත. කුළුබඩු බෝගවලදී විශාල ලෙස රසායනික පොහොර හෝ වසවිස එකතුවීමක් සිදු නොකරයි. නමුත් මෙවැනි බෝග වැඩි වශයෙන් අපනයනය කරයි. අපගේ ගම්මිරිස් නිෂ්පාදනයෙන් 60%ත් 70%ත් අපනයනය කෙරෙයි. ලංකාවේ නිෂ්පාදනය වන කුරුඳුවලින් 80%ක් පමණ ද අපනයනය කරයි. මෙවැනි කුළුබඩු බෝග අපනයන වෙළෙඳපොළ කරා යාමේදී එම ආහාරවල සුරක්ෂිතභාවය කෙරෙහි සැලකිලිමත් නොවුණහොත් ඒවාට ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩුවන්නට බොහෝ ඉඩකඩක් ඇත.
අපගේ රට තුළින් ලබාගන්නා මෙවැනි බෝගවලට ප්‍රමිතියක් සෑම විදෙස් රටකින්ම බලාපොරොත්තු වේ. මේ නිසා මෙවැනි දෑ වලට විස එක්වීම වළක්වා එහි සුරක්ෂිතභාවය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්වේ. මේ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දියත් කර ඇති වැඩපිළිවළ වන්නේ යහපත් කෘෂිකාර්මික පිළිවෙතයි. ගොවිපළේ බීජපැළ හිටුවා අස්වැන්න නෙළා එය සකස් කිරීම දක්වා සිදුකරනු ලබන කටයුතු යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agriculture Practices) පටිපාටිය අනුගමනය කර සකස් කර ඇත. එම සකස් කරනු ලබන අස්වැන්න පාරිභෝගිකයා අතට යනතුරු යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරයි.
අපගේ බෝග ආනයනය කරන රටවල් එම බෝගවලට ප්‍රමිතියක් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රමිතියට අදාළව අපි වසවිසෙන් තොර ආහාර ලබාදිය යුතුවෙනවා. මෙමගින් අපගේ බෝගවල හොඳ වෙළෙඳපොළක් ලබාගන්නට පුළුවන් වෙනවා. අද වනවිට අපගේ කලාපයේ බොහෝ රටවල් වසවිස භාවිතය වැඩියි. එවැනි රටවලට සාපේක්ෂව අපගේ රට වසවිස භාවිතයක් අඩුයි.
යැයි ජනක ලින්දර වැඩිදුරටත් දේශයට පැවසීය.
ශ්‍රී ලංකාව කුළුබඩු බෝග සඳහා කෘමිනාශක භාවිතා කරනු ලබන්නේ හෙක්ටයාර් එකකට කිලෝ දශම අටකි. නමුත් චීනය හෙක්ටයාර් එකකට කිලෝ දොළොහක්ද මැලේසියාව හෙක්ටයාර් එකකට කිලෝ පහක් පමණ ද වසවිස භාවිතා කරයි. මේ නිසා අපගේ බෝග එම ලෝක වෙළෙඳපොළවල් තුළ වැඩි ඉල්ලුමක් පවතී.
අවිධිමත් කෘෂි රසායන භාවිතය සීමා කර සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක බව තහවුරැ කරමින් පරිසර හිතකාමීව නිපදවනු ලබන කුළුබඩු සඳහා ජාත්‍යන්තර පිළිගත් GAP (Good Agriculture PA-practices) සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කර ඇති බවද ජනක ලින්දර මහතා සඳහන් කරයි.
ගොවියා කළයුතු දෑ නියම කිරීමෙන් පසුව ඒ අනුව ඔවුන් ක්‍රියාකිරීම තුළදී නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් පසුව බෝගවලට වසවිස යෙදීම අවම කර ඇති බවට ඔප්පු වීමෙන් පසුව එම බෝග වගාවන්වලට GAP සහතිකය නිකුත්කොට “ශ්‍රී ලංකාව තුළ යහපත් කෘෂිකර්ම පිළිවෙත් අනුගමනය කර නිපදවන ලදී. ලෙස සනාථ කරයි.
මෙම සහතිකය හරහා ගොවියාට ඔහුගේ නිෂ්පාදනවලට වැඩි වාසියක් ලබාදීමට බලාපොරොත්තු වේ. ලැබෙන විදේශ විනිමය වැඩි කරගැනීමටත් මෙයින් බලාපොරොත්තු වන බව ලින්දර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ බොහෝ කුළුබඩු බෝග අපනයනය කරනු ලබන්නේ ඉන්දියාව වැනි රටවල්වලටය. නමුත් එවැනි රටකින් අපගේ කුළුබඩු බෝගවලට ලබාදෙනු ලබන මුදල ඉතා අවමය. එයින් ලැබෙන වාසිද අවමය. ඉන්දියාව ඔහු අපගේ රටට සාපෙක්ෂ රටකි. නමුත් මෙම GAP සහතිකය මගින් අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය වැනි වැඩි ආදායමක් ලබාගත හැකි රටවල්වලට ද මෙම කුළුබඩු බෝග අපනයනය කිරීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු බෝග වගාවන් අතරින් ලෝකයේ අනෙක් රටවල්වලින් වැඩිම ඉල්ලුමක් පවතින්නේ කුරැඳුවලටය. ඊට අමතරව ගම්මිරිස්, සාදික්කා, කෝපි සඳහා ද ඉල්ලුම පවතී. නමුත් මෑත කාලයේදී ගම්මිරිස් විකුණා ගැනීම සඳහා මිලෙහි ගැටලුවක් මතුවිණි. වියට්නාමය වැනි රටවල්වලින් වැඩි වශයෙන් ගම්මිරිස් මෙ රටට ගෙන්වා අපේ ගම්මිරිස් සමඟ කළවම් කර ප්‍රතිඅපනයනය කිරීම නිසා එවැනි ගැටලු තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකික ගම්මිරිස් ගොවියාට සිදුවිය. ලෝකයේ ගම්මිරිස් නිෂ්පාදනය ඉතා ඉහළ ගොස් තිබුණ ද අපගේ ගම්මිරිස් මිලද පහළ බැස ඇත. නමුත් අපගේ ගම්මිරිස්වල පවතින සැර සහ සුවඳ හේතුවෙන් හොඳ ඉල්ලුමක් පවතී. මේ ඉල්ලුම වැඩි කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණ වේ.
GAP සහතිකය පිළිබඳව ගොවියන්ගේ විශාල විශ්වාසයක් පවතී. ඔවුන්ගේ ඇතැම් බෝගවල මිල පහළ ගොස් ඇත. මේ නිසා ස්ථාවර මිලක් සහ ඔවුන්ගේ ආහාරයත් යුරෝපා රටකට අපනයනය කලවිට එයින් කැලරි කොපමණ ප්‍රමාණයක් ලැබේද සහ ශක්තිය කොපමණ නිපදවනවාද යැයි ඔවුහු සොයා බලති. නමුත් අද ඔවුන් සොයා බලන්නේ කොච්චර වසවිස තියෙනවාද යන්නය. මේ නිසා අපගේ ගොවීන්ට යුරෝපා රටවලින් ස්ථාවර මිලක් ලබා ගැනීමට නම් වස විසෙන් තොර ඉහළ ප්‍රමිතියකින් යුක්ත බෝග ලබාදිය යුතුය. ඒ දැනුම, ඒ තාක්ෂණය හා ඒ මඟ පෙන්වීම ලබාගැනීමට ගොවියා උනන්දු වේ. ඒ ඔවුන්ගේ උනන්දුව මෙන්ම ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙසින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව “ව්‍යාපාර උපදේශන සේවය ලෙසින් වෙනම ඒකකයක් විවෘත කරවිය. එමගින් මෙවැනි ප්‍රමිති සහතික නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මෙන්ම ගොවියා සහ ගැනුම්කරැවා අතර සම්බන්ධයක් ඇති කරයි.
ශ්‍රී ලංකාව 2017 වනවිට කුළුබඩු බෝග මෙට්‍රික් ටොන් හැටදාහක් අපනයනය කර ඇති අතර එමඟින් රුපියල් මිලියන හැත්තෑදාහක් පමණ විදේශ විනිමය ලැබී ඇත. 2025 වසර වනවිට මෙය දෙගුණයක් දක්වා වැඩි කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වේ. GAP සහතිකය එයට විශාල පිටුවහලක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
විශේෂ ස්තූතිය
දිශාන්ති කොඩිතුවක්කු
මාධ්‍ය හා සන්නිවේදන අංශය
දිශානි ජයමාලි කරුණාරත්න