Kingsbury හෝටලයේ Rooftop අවන්හලක් වන Ce La Vie පවුලෙ අය සමඟ කාලය ගතකරන්න වගේම ව්යාපාරික සගයන් සමඟ භෝජන සංග්රහයකට යන්නත් අපූරු තැනක්. Rooftop Bat එකට වඩා මගේ අවධානය දිනාගත්තේ අවන්හල. විශේෂයෙන්ම විශ්මිත ඉන්දියානු සාගරය දෙස බලමින් ආහාර වේලක් රසවිඳීම කොයිතරම් අපූරුද?
මෙහිදී ඔබට උසස්ම තත්ත්වයේ Vine වල සිට Tea, Coffee දක්වා ඕනෑම බීම වර්ගයක් රසවිඳින්න පුළුවන්. මම තෝරගත්තෙ Strawberry Basil Crush සහ Pineapple Coco Crush කියන Cocktail වර්ග 2ක. දවසේ උණුසුම් කාලගුණයට අපූරුයි. රසත් ඒ වගේමයි.
මෙහි අසුන්ගෙන සූපවේදීන් කලාවකට ආහාර සකසන අයුරු බලාසිටීම අපූරු අත්දැකීමක්. සැබැවින්ම එක නර්තනයක් වගේ. විනාඩි 20කටත් අඩු කාලයකින් ඔවුන් ඔබේ ආහාරය ඔබේ ඇස් ඉදිරියේදීම සකසා දේවි. මම මුලින්ම Miso Soup සමග Green Salad ආහාරයට ගත්තා. පසුව මගේ ප්රධාන ආහාරය වුණේ Tappan Vegetables, Salmon Chicken, Lamb Chops සහ Prawns සමග Mixed Vegetable Rice එකක්. කිසිම Curry එකක් නැතුව වුණත් ආහාරයට ගත හැකි තරම් රසවත්. සැබැවින්ම අපූරු ජපන් සුඛෝපභෝගී ආහාර වේලක් කිව්වොත් නිවැරදි.
කාර්යබහුල ජීවිතයෙදී වුණත් ලස්සන දර්ශනයක් අත්විඳින ගමන් අපූරු ආහාර වේලක් රසවිඳින්න අගනගරයේ තියන අපූරු තැනක් තමයි Kingsbury හී Ce La Vie අවන්හල.
- Life web ඇසුරින්