සුන්දර දුම්බර කඳුවැටියට ඔබ්බෙන් තැනිතලා බිමේ වූ සොරබොර වැව බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කේන්ද්‍රස්ථානයකි. දුටුගැමුණු රාජ්‍ය සමයේ බුලතා නම් යෝධයා විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙය ඉතිහාසය විසින් ස්වභාව සෞන්දර්යට දායාද කළ අපූරු තිළිණයක් වැනිය. Sorabora Village Hotel යනු එවන් සොරබොර වැවේ සුන්දර දසුන් සිත්පුරා විඳිමින් සැප පහසු නිවාඩුවක් ගත කිරීමට සුදුසුම නවාතැනයි.
Superior Rooms 12, Deluxe Rooms 6, Standard Room 5, Non A/C Room 17 ක් ඇතුළු කාමර 40කින් සමන්විත වන අතර හෝටලයේ මධ්‍යගතව ඉදි වූ නාන තටාකය, උද්‍යානය, නවීන Crystal Ballroom, අවන්හල් ආදියෙන් අංග සම්පූර්ණය. Superior Rooms සහ Deluxe Rooms සෑම ආකාරයකම නවීන පහසුකම්වලින් යුතු අතර පෞද්ගලික බැල්කනිවලින්ද යුක්ත වේ.
අමුත්තන්ට පහත මහලේ විවෘත අවන්හලෙන් මෙන්ම ඉහළ මහලේ වායුසමීකරණය කරන ලද සුඛෝපභෝගී අවන්හලේ සිටද ආහාර ගැනීමේ හැකියාව පවතී. ලොවපුරා අත්දැකීම් ලත් ප්‍රවීණ සූපවේදීහු ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ආහාර වේලක් පිරිනැමීමට සූදානම්ව සිටිති. බටහිර, නැගෙනහිර, චීන, ඉන්දියානු ආහාර පමණක් නොව අව්‍යාජ දේශීය ආහාර වේලකින් අමුත්තන් පිනවන්නටද ඔවුහු සැදී පැහැදී සිටිති.
Sorabora Village Hotel හි ලැගුම් ගන්නා ඔබට බුදුහිමියන් ලක්දිවට ප්‍රථම වරට වැඩම කළ මහියංගන පුදබිම, අතීත රජවරුන්ගේ විස්කම් පෙන්වන සොරබොර වේල්ල, අලි රංචු සහ වලසුන් සැරිසරන වස්ගමුව ජාතික වනෝද්‍යානය ආදී වූ බොහෝ සුවිශේෂ සංචාරක ස්ථාන රැසක් දැකබලා ගැනීමේ හැකියාව හිමිවෙයි. එමෙන්ම පරිසරය ආශ්රිත ක්‍රියාදාමයන්ට කැමති ඔබටත් මේ අපූරු නවාතැනක් වේවි. ඔබට අවශ්‍ය සංචාරක පැකේජ නිර්මාණය කර දෙන්නත් ඔවුන් සූදානම්.
සොරබොර වැවේ හිරු බැස යන අපූරැව නෙත ගැටෙන සුන්දර නිවාඩුවකට Sorabora Village Hotel ඔබට නිර්දේශ කළ හැකියි.
I සනත් වීරසූරිය
සේයාරූ : බණ්ඩාර වීරසිංහ