Movenpink hotel හි දෙවැනි මහලේ පිහිටි Robata Grill වෙත පිවිසෙන ඔබව එහි සුහදශීලී කාර්යමණ්ඩලය විසින් Teppanyaki වෙත ගෙන යනු ඇත. ජපන් ආහාර පමණක්ම පිළියෙල වන Robata Grill නව පෙනුමකින් නව ආසියානු ආහාර මෙනුවක් ද සහිතව නවීකරණය වීමත් සමඟ එයට එක්වුණු Teppanyaki එහි වඩාත් ආකර්ෂණීයම කොටස බවට පත්ව ඇත.
Teppanyaki වෙත පිවිසෙන ඔබට එහි මැද තබා ඇති Grill එක දැකගත හැකි අතර මෙහි සිටින සුවිශේෂී වූ සූපවේදියා විසින් ඒ මත බටර්වලින් යමක් ලිවීමෙන් ඔබව පිළිගනු ඇත. ඉන් පසුව එළඹෙන ඔහුගේ ආහාර පිසීමේ කටයුත්ත නම් විශිෂ්ට රංගන ශිල්පියකුට දෙවැනි නොවන්නකි. තියුණු පිහිය තලයකින් හරඹ දක්වමින් ආහාර පිසින අයුරු ඔබ පුදුමයෙන් පුදුමයට පත් කරනු නිසැකය. ඔහුගේ මේ හැකියාව නිසාවෙන් විනෝදජනක ආකර්ෂණීය භෝජන සංග්‍රහයකට හොඳම තැන Teppanyaki බවට පත්ව තිබේ.
මෙහි දහවල් සහ රාත්‍රී ආහාර අනුව මිල වෙනස් වන අතර Miso soup සහ නැවුම්, කපන ලද පළතුරු සමඟ Beef, Hamburger, Chicken, Fish and vegetables ආදිය මෙනුවේ අයිතම ලෙස ලබා දේ. රාත්‍රී ආහාරවේල සඳහා Miso soup, Nigiri, maki rolls සමඟ Salmon, Prawns, Chicken, Beef ආදිය ද එක් වේ.
අප රාත්‍රී ආහාරවේලක් තෝරාගත් අතර පළමුව පිළිගැන්වූ salmon steaks සහ prawns අපූරැවට grill වී ඉස්තරම් රසයකින් යුතු විය. එමෙන්ම Garlic rice සමඟ vegetables පිළිගැන්වීම අපූරු සංකලනයක් වූ බව කිව යුතුය. Chicken සහ Beef හි Beef අවාසනාවකට මෙන් පමණට වඩා යම් ප්‍රමාණයක් වැඩිපුර grill වී තිබුණ ද ඉස්තරම්ම රසයෙන් යුතු වූ බව සැබෑවකි.
මෙහි මෙනුවට සහ මිල ගණන්වලට බීම සහ අතුරුපස එක්කර නොමැති අතර ඔබ වෙනම ඒවා ඇණවුම් කරන්නේ නම් බීම වර්ග ලෙස Berry Breezer සහ Achcharu Virgintails නිර්දේශ කළ හැක. අතුරුපස ලෙස මධ්‍යම ප්‍රමාණයේ පැණි රසකින් යුතු Green tea Cream brulee හෝ Movenpink හි ice cream වර්ගයක් රස බැලීමට හැක. සැබැවින්ම Teppanyaki යනු මග නොහැරිය යුතු අවස්ථාවකි.
සටහන හා සේයාරූ - Life Web ඇසුරින්