පුංචි රෝමය හෙවත් මීගමුව කියන්නෙ එදා පටන් සංචාරක ආකර්ෂණය දිනාගත් පුරවරයකි. මේ සංචාරක පුරවරයේ ප්‍රධානතම සංචාරක නවාතැනක් තමයි මීගමුව නගරයේ සිට විනාඩි 10ක දුරින් පිහිටන Goldi sand හෝටලය.
සැබැවින්ම එය විදේශීය සංචාරකයන්ට ලංකාවේ නිවාඩුවක් ආරම්භ කරන්න වගේම අවසන් කරන්නත් අපූරු තැනක් වගේම දේශීය සංචාරකයන්ටත් පවුලේ නිවාඩුවකට වගේම ව්‍යාපාරික ගමනාන්තයක් විදිහටත් ගැලපෙන ස්ථානයකි.
1974 ඇරඹුණු හෝටලය මීගමුව වෙරළේ සුන්දර දසුන් නෙත ගැටෙන luxury suite 2කින් AC double room 66කින් සහ තවත් කාමර 8කින් යුක්තයි. කාමර සියල්ලක්ම පාහේ refrigerators, electronic safe ආදී නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණයි. එමෙන්ම තවත් luxury rooms 65කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී.
හෝටලයේ සූපවේදී අංශය සැබැවින්ම විශිෂ්ටයි. ඔවුන් ගෝලීය ආහාර ඔබට පිළිගන්වන්නට සූදානමිනුයි ඉන්නෙ. විශේෂයෙන්ම Sri Lankan night, Mongolians night, Chinese night, Italian night, International buffet seafood extravaganza ආදී රාත්‍රී buffet වර්ග සංචාරක පිරිස් රස විඳින්නෙ බොහොම කැමැත්තෙනුයි. මේ හැමදෙයකටම වඩා විශේෂ තැනක් තමයි Negombo special seafood dishes. මීගමුව අවට ධීවරයන්ගෙන් ලබාගන්නා නැවුම් මුහුදු මත්ස්‍ය වර්ගවල රසය නිසාමයි මෙය මෙතරම් සංචාරකයන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙ.
සම්මන්ත්රණ සහ මංගල අවස්ථා සඳහා 350කට පමණ ඉඩකඩ සහිත banquet hall, swimming pool, Ayurvedic Spa treatment center ඇතුළු නවීන පහසුකම්වලින් සම්පූර්ණ මෙම හෝටල ඔබේ විශේෂ ඉල්ලීම් අනුව වෙරළේ හෝ තටාකය අසල පෞද්ගලික භෝජන සංග්‍රහ සූදානම් කර දෙන්නත් සැදී පැහැදී සිටී.
Goldi sand hotel හි ලැගුම් ගන්නා සංචාරකයන්ට කඩොලාන වගුරුබිම, පැරැණි ලන්දේසි බලකොටු, බන්ධනාගාර, ලන්දේසි ඇළ, පැරැණි පල්ලි, මාළු වෙන්දේසි, ධීවර ගම්මාන ආදිය දැකබලා ගන්නත් පුළුවනි. ඒ වගේම මීගමුව වෙරළේ ජල ක්‍රීඩාවලට සහභාගි වීමේ හැකියාව තිබේ. එමෙන්ම හෝටල විසින් විනෝද චාරිකා සංවිධානය කර දෙන්නත් කටයුතු කරයි.
මීගමුව වෙරළේ සුන්දරත්වය විඳිමින් අපූරැ නිවාඩුවක් ගත කරන්න Goldi sand hotel සැබැවින්ම අපූරු තැනකි.
I සනත් වීරසූරිය