2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

රස බැලුවොත් හිත පිරෙන ඇල්ලේ Buda and Beans දෙළුම් රසැති අයිස් තේ එක

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

ඇල්ල නගරයේ සංචාරය කරන ඔබට ගොඩවදින්න පුළුවන් තවත් අපූරු cafe එකක් තමයි Buda and Beans (B and B) කියන්නෙ. ආසන 15-20 ක් අතර පටු ඉඩකඩක පිහිටල තිබුණත් soups, breast options, sandwiches, appetizer, pasta, burgers, smoothies, milkshakes, tea and coffee වගේ විශාල පරාසයක පිහිටි උසස් තත්ත්වයේ ආහාර ඔවුන් සතුයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උසස්ම තේ සහිත ලුම්බිණි නිම්නයෙන් ගෙන එන තේ පිළිගැන්වීම පිළිබඳව ඔවුන්‍ පසුවෙන්නෙ ආඩම්බරයෙනි. අපි මුලින්ම ඇණවුම් කළේ ice latte සහ Grande cappuccino. කිරි සහ කෝපි රස අපූරැවට සංකලනය වූ නිසාම හරිම රසවත්. කෙසේ වෙතත් අවසානයේ අපි කැමතිම බීම වර්ගය වුණේ ඔවුන්ගේ ඉල්ලීම නිසාම අපි රස බලපු Pomegranate iced tea. ලා රෝස පැහැති, බැලූ බැල්මට green tea බඳුනක් වගේ වුණත් එහි දෙළුම් රසයට මුසු වූ honeydew lemon රසයත් පැණි රස ස්වභාවයත් සැබැවින්ම අපි පුදුමයට පත් කරවූවා.

අපි සැහැල්ලු ආහාරයක් ලෙස රස බලන්න තෝරාගත්තෙ Blueberry cheese cake. මෙය හොඳ තෝරාගැනීමක් වුණා. ඒ වගේම ඔබට අවශ්‍ය නම් රසම රස chocolate cake, cookies, pancake, waffles ආදිය තෝරාගන්නත් පුළුවනි. ඔවුන්ගේ roasted turkey සහ smoked chicken with pesto විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒක අමතක කරන්න බැරි රසයක් වුණා.

සමස්තයක් ලෙස ගත්තම තේ කෝප්පයක් බොන ගමන් පොතක් කියවන්න අපූරු තැනක් ලෙස මෙතැන හැඳින්වීමට හැකියි. අවශ්‍ය නම් පුංචි game එකක් සෙල්ලම් කරන්නත් හැකියි. කොහොම වුණත් මෙතනට එන ඔබ pomegranate iced tea එකක් නම් රස විඳින්නම ඕන.

සටහන හා සේයාරූ - Life Web ඇසුරින්

 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00