2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නිලාවේලි වෙරළ තීරයේ සොඳුරු නවාතැන Nilaweli Beach Hotel

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 291

සංචාරකයන් මන්මත් කරවන සුන්දර නිලාවේලි වෙරළ තීරයේ සොඳුරු නවාතැන Nilaweli Beach Hotel (NHB) ගැනයි මේ. 1974 සැප්තැම්බර් 21 දින නිලවශයෙන් ඇරඹුණු හෝටලය පසුගිය 21දාට වසර 45ක් සැපිරුණා. එය නැගෙනහිර වෙරළේ ථම හා පුරෝගාමී තරු පන්තියේ හෝටලයි. නැගෙනහිර වෙරළේ නිස්කලංක නිවාඩුවකට NHB සුදුසුම නවාතැන බවට සැකයක් නැහැ.

Air Conditioned Luxury Double Rooms 47ක් සහ වෙරළේ සුන්දර දසුන් නෙත ගැටෙන Luxury Suits 2කින් හෝටලය සමන්විතයි. සුනාමි ව්‍යසනයට පෙර කාමර 84කින් සමන්විත වුවත් විනාශ වූ කාමර නැවතත් තිසංස්කරණ ඔවුන් උනන්දු වී නැහැ. ඒ වෙනුවෙන් Luxury Suits නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් LTTE සමයේ පවා අභියෝගයන්ට මුහුණ දෙමින් නොසැලී වසර 45ක දීර්ඝ ගමනක් පැමිණෙන්නට ඔවුනට හැකිවෙලා.

Restaurant, Beach Cafe, Beach Bar ඇතුළු නිලාවේලි සුන්දරත්වය විඳිමින් ආහාර ගැනීමට හැකි පහසුකම් රාශියක් ඔවුන් සපයනවා. විශේෂයෙන්ම අවට ධීවරයන්ගෙන් ලබාගන්න නැවුම් අමුවලින් සකසන මුහුදු ආහාර සංචාරකයන් අතර ඉතා ජනියයි. ජාන්තර තත්වයේ A-la-carte මෙනුවක් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ වගේම අමුත්තන්ගේ විශේෂ ඉල්ලීම් අනුව භෝජන සකසා දෙන්නත් ඔවුන් පැකිලෙන්නෙ නෑ.

NBH හී නවාතැන් ගන්න ඔබට මිනිත්තු 10කින් පරවි දූපතට ළඟාවෙන්නත් එහි ජල පීඩාවල යෙදෙන්නත් හැකියි. මේ නිලාවේලි සහ උප්පුවේලි Whale Watching, Yachting, Angling Snorkeling, Scuba Diving වැනිපීඩාවලට සිද්ධියක් උසුලනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය, ස්වාමි කන්ද, කෝනේස්වරම් කෝවිල, සේරුවාවිල රජමහ විහාරය, Marble Beach වැනි නැගෙනහිර පළාතේ සංචාරක ස්ථාන රැසක් දැකබලා ගන්නට හැකියි. ඉතින් ඔබත් මේ 45 වසරක විශිෂ්ඨත්වයෙන් යුතු NHB හී සත්කාර ලබමින් සුන්දර නිලාවේලියේ නිස්කලංක නිවාඩුවක් ගතකරන්න අමතක කරන්න එපා.