2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නිර්මාංශ ආහාර වේලකට නම් නිදහස් මාවතේ Cafe kumbuk කදිමයි

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

Horton Place ආසනයේ කැපී පෙනෙන ගොඩනැගිල්ලක ආරම්භය සටහන් කළ Cafe Kumbuk මේ වනවිට දිගු ගමනක් ඇවිත්. මෑතකදී ඔවුන් නිදහස් මාවතේ සිට Thambia මාවත වෙත මාරුවෙලා. ඒ කාමර 5ක් සහිත ඉහළ මහලයක් සමඟ. වඩාත් ඉඩකඩ සහිතව Indoor, Outdoor ආසනවලින් සමන්විතව Muted Colours මගින් අලංකාර වූ අපූරැ පරිසරයක් ඔවුන් නිර්මාණය කරල තියෙනවා.

සාපේක්ෂව කුඩා අව්‍යාජ මෙනුවක් තමයි ඔවුන් ඉදිරිපත් කරන්නෙ. විශේෂයෙන්ම පිරිපහදු කළ සුදු සීනි, රසකාරක ආදියෙන් ඈත්වෙලා නිතරම ගුණදායක ආහාර වේලක් ඔබට සපයන්නයි ඔවුන්ගේ උත්සාහය. විශේෂයෙන්ම ඔවුන් නිර්මාංශ ආහාරවලටත් වැඩි සැලකිල්ලක් දක්වනවා.

Tea, Coffee,cold  Pressed Juice, Crushes and  Punchea ආදී බීම වර්ගය මෙනුවකුත් ඔවුන් සතුයි. උණුසුම් කාලගුණයට ගැලපෙන්න මම තෝරගත්තු රෝස්මරි, සීතල කොමඩු, කිතුල් පැණි, දෙහි යුෂ සහ පොල් වතුර එක්වුණු Island chiller එක පිපාසයට අපූරුයි.

ප්‍රධාන ආහාරයන් විදිහට මම එකතු කරගත්තෙ සුවඳවත් සහල් සහ තායි සෝස් එකක් සමඟ පිළිගන්වන Red snapper (1250), අපුරු වර්ණ සංකලනයකින් පිළිගන්වන Naked burrito bowl (1100) සහ Opem Isso Wrap (950). ඔබ නිර්මාංශ නම් Burrito Bowl එකේ Chicken කොටස ඉවත්කර ඇනවුම් කරන්නත් පුළුවන්. හරිම රසවත් ආහාර වේලක්.

ඉතින් අලුත් Cafe kumbuk කියන්නෙ පවුලේ අය හිතමිතුරන් එක්ක ආහාර වේලක් රසවිඳින්න අපූරු තැනක්. විශේෂයෙන්ම ඝෝෂාකාරී බවෙන් මිදුණු මේ ස්ථානය කුඩා දරුවන්ටත් හොඳින් ගැලපෙනවා. ඔබත් Cafe kumbuk අත්දැකීමක් විඳින්න අමතක කරන්න එපා.