යුනෙස්කෝ ලෝක උරුමයක් වන අනුරාධපුරය සුවහසක් බෞද්ධ ජනතාවගේ ජීවන උරුම නගරයයි. එවන් සුන්දර බිමක සංචාරක නවාතැන් අතරට එක්වන අලුත්ම සාමාජිකයා තිසා වැව අසල Lake forest hotel. 2019 අගෝස්තු 1 දින විවෘත වූ හෝටලය ඉතිහාසය හා නූතන සුඛෝපභෝගීත්වයේ සම්මිශ්‍රණයක් නිසාවෙන්ම මේ වන විටත් සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තියෙනවා.
හෝටලයේ සිව්වැනි මහලට රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය, ඉසුරුමුණිය මෙන්ම තිසා වැව හරහා මිහින්තලය, රිටිගල ආදී උරුමයන්ගේ තේජවන්ත දර්ශනයක් දැකබලාගත හැකි වෙනවා. හෝටලය Amily suits 6 ක්, lake suits 14 ක්, jungle suits 2 ක් ඇතුළු සුඛෝපභෝගී කාමර 22කින් සැදුම්ලත් වෙනවා. සෑම කාමරයක්ම AC, mini bar, tea/coffee makers, flat screen cable TV, telephone, නවීන නාන කාමර ආදියෙන් අංගසම්පූර්ණයි.
සංස්කෘතික ත්‍රිකෝණය වෙත එන්නා වූ විවිධාකාර සංචාරකයන්ගේ රුචිකත්වයට ගැලපෙන ආහාර පිසීමට ඔවුන් සැලසුම් කර තියෙනවා. පළපුරුදු සූපවේදී Wong Yeushan අතින් ඔබ කැමැති ආහාරයක් සාදාගන්න පුළුවන්. කෙසේ වෙතත් දැනටමත් හෝටලයේ අව්‍යාජ දේශීය ආහාර වෙත සංචාරකයන් ආකර්ශනය වී ඇති බව කියන්න පුළුවන්. හෝටලයේ තටාකය අසල ප්‍රධාන අවන්හල දේශීය හා විදේශීය බුෆේ ආහාර සපයන අතර rooftop lounge යනු සැඳෑ යාමයේ විවේක ගත කරන්නට අපූරු ස්ථානයක්. විල අසල විවෘත උද්‍යානය ළමුන්ට මෙන්ම සියල්ලටම විනෝද වන්නට නිර්මාණය වූවකි.
එය අනුරාධපුර පූජනීය ස්ථාන වැඳපුදා ගන්නට ගවේෂණය කරන්න පමණක් නොව විල්පත්තුව, රිටිගල, හුරුළුවැව, මධු පල්ලිය, තන්තිරිමලේ ආදී තවත් ස්ථාන රැසකට පහසුවෙන් ළඟා විය හැකි සංචාරක නවාතැන්පොළකි. Lake Forest තම සංචාරකයන්ගේ කායික මානසික විවේකය සලකා සාම්ප්‍රදායික සිංහල ප්‍රතිකාර සහිත Ayurvedic Spa එකක් ද පවත්වාගෙන යයි. ආසන 250ත් 300ත් අතර conference hall එකක් සහ ආසන 350ක banquet hall එකක් ද ඔවුන් සතු වෙනවා. වැව අවට Cycling, fishing tours, hiking, jogging ආදී ක්‍රියාකාරකම් සඳහා ද ඔවුන් සංචාරකයන්ට පහසුකම් සපයයි. සැබැවින්ම සංස්කෘතික උරුමයන් අතර සංචාරය කරන ඔබට Lake forest hotel අපූරු නවාතැනකි.
I සනත් වීරසූරිය