Shazmin සහ Shasheen යන සොයුරියන්ගේ නවතම cafe එකයි Epi Q Express කියන්නෙ. Fb හරහා ඇරඹුණු ඔවුන්ගේ ව්‍යාපාරයේ අලුත්ම පියවර තිඹිරිගස්යාය ජාවත්ත පාරේ Java lounge එක ඉදිරිපිට තමයි තියෙන්නේ. එළිමහන් සහ ගෘහස්ත ආසන සහිතව උණුසුම් වර්ණවලින් අලංකාර වුණු සුවපහසු වටපිටාවක් ඔවුන් ඔබට ලබා දෙනවා. ගඩොල් රාමුවකින් යුතු කවුන්ටරයට ඉහළින් කළු ලෑල්ලක කලාත්මකව ලියපු මෙනු අයිතම කිහිපයක් සහිත පරිසරය නියම cafe එකක හැඟීම ගේනවා.
ආහාරපාන ගැන කතා කරද්දී ඔවුන්ට තියෙන්නෙ සංක්ෂිප්ත මෙනුවක්. Kathi r මම නම් හිතන්නෙ හැමවිටම සරල මෙනුවක ආහාර තත්ත්වයෙන් වගේම රසයෙනුත් උසස් කියලයි. මම මුලින්ම රස බැලුවේ Masala chai, ඒ කියන්නෙ Secret මසාලා සමඟ උණු උණු කිරි තේ එකක්. සැබැවින්ම රසවත්. ඔවුන් kathi roll එනම් පරාටාවලින් ඔතන ලද මස් සහිත ඉන්දියානු වීදි ආහාරයක් මට නිර්දේශ කළ නිසාම Tandoori chicken සහ pepper beef කියන kathi rolls මම රස බැලුවා. එය නම් අති විශිෂ්ටයි. ඒ වගේම ඔවුන්ගේ රසම රස chicken waffle pizza එකකුත් රස විඳින්න මම අමතක කළේ නෑ. Crispy crepe එක්ක Nutella එකතු වුණු Choc on the go එකක් තමයි පැණි රස දෙයක් විදිහට මම තෝරාගත්තේ. සාමාන්‍යයෙන් එතරම් පැණි රස ආහාර ප්‍රිය කරන්නෙක් නොවුණු මටත් choc on the go එකේ රසය නම් අමතක කරන්න බෑ.
අන්තිමට කියන්න තියෙන්නෙ ඔබට රසම රස ඉක්මන් ආහාරයක් අවශ්‍ය නම් මේ තමයි හොඳම තැන. ඔවුන් ඉක්මනින් ආහාර පිළිගන්වනවා වගේම පිරිසුදු මුළුතැන්ගෙයත් ඔබට දැකගන්න පුළුවන්. ඉතින් විශ්වාසවන්ත ඉක්මන් කෑමවේලකට අපූරු තැනක් තමයි Epi Q Express.
Life Web ඇසුරින්